gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉඩමක් ඉල්ලා හිටපු ආණ්ඩුකාරියගේ සැමියාගෙන් රජයේ නිලධාරීන්ට දැඩි බලපෑම් හා තර්ජන!

ආයෝජන ව්‍යාපෘතියක් සඳහා නුවරඑළිය නාගරික සීමාව තුළ වෙන්කළ ඉඩමක් පුද්ගලික ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා නීති විරෝධීව තමන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියාගෙන් රජයේ නිලධාරීන්ට දැඩි බලපෑම් හා තර්ජන එල්ල වෙමින් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , නුවරඑළිය මහ නගර සභාව ඇතුළු නුවරඑළිය ප්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයකම ප්‍රාකාශකයන් කරුණු අනාවරණය කරයි.

මීට පෙරද නුවරඑළියේ ග්‍රෙගරි වැව ආසන්නයේ ඉඩමක් ලබා ගෙන එය විකුණා එම තොරතුරු සගවමින් ඒ වෙනුවට විකල්ප ඉඩමක් අවශ්‍ය බවට ඉඩම් අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් නොමඟ යවමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉතා වටිනා ආයෝජන ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙන් කළ ඉඩමක් තමන් වෙත ලබා දෙන්නැයි රජයේ ඉහළ නිලධාරීන් අරහා බලපෑම් කරන බව ද ඔවුහු පවසති.

වැඩිදුර අදහස් දක්වමින් රජයේ ආයතන වල ප්‍රකාශකයන් මෙසේ ද කීය.

‘මේ වන විට නිලධාරීන් මෙම පුද්ගලයා පැමිණෙන විට කාර්යාලයෙන් බැහැරව ගොස් ඔහුව මඟ හැර යෑමටත් දුරකථන ඇමතුම් වලට පිළිතුරු ලබා නොදීමටත් කටයුතු කරමින් සිටී.

තමන් නැවතත් ආණ්ඩුකාර ධුරයට පත්වන බවත් බව ප්‍රකාශ කරමි නිලධාරීන් බිය වද්දමින් කෙසේ හෝ මෙම කාර්යය ඉටුකරගැනීමට උත්සාහ දරයි’

– ආර්.එෆ්.එම්.සුහෙල්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka