gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවෙන් නිවේදනයක්! ඔක්තොම්බර් 20ට පෙර මගී යාත්‍රාවක් එවා තමිල්නාඩු – මන්නාරම් බෝට්ටු සේවය අරඹනවා…

ඉන්දියාවේ තමිල්නාඩු නාගපට්ටන ප්‍රදේශයේ සිට යාපනයේ කන්කසන්තුරේ වරායට මගී ප්‍රවාහන සේවා නෞකාවක් ඔක්තෝබර් මස 20 වෙනිදාට පෙර යාත්‍රා කරවීමට කටයුතු යොදා ඇතැයි ඉන්දියාවේ තමිල්නාඩු සාගර කටයුතු පිළිබද අමාත්‍ය ඊ.වී  වේලු අද 24  පැවසීය.
ඉන්දිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ  ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී මේ කාරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම  එකගතාවයකට පත් වීමෙන් පසුව මෙම තීරණය ගත් බවය.


නාගපට්ට්න හා කන්කසන්තුරේ අතර මගීන් ප්‍රවාහනය කිරීම සඳහා අධිවේගී යාත්‍රාවක් යොදවන බවත් එම යාත්‍රාවේ වරකට මගීන් 150 කට පහසුකම් සැලසෙන බවත් තමිල්නාඩු අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

නාවික සැතපුම් හයක් පමණ වන මෙම ගමන සදහා පැය තුනත් හතරත් අතර කාලයක් ගත වන බව කී ඔහු මෙම ගමන සදහා අය කරණු ලබන ගාස්තුව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද කියා සිටියේය.

මේ මගී බෝට්ටු සේවාව ආරම්භ කිරීමට අවස්ථා කීපයක්ම උත්සාහ කළ නමුත් විවිධ ප්‍රායෝගික  හේතු නිසා එය මගහැරී ගියද මෙවර ඊට අවශ්‍ය සියලු අනුමැතියන් හා පහසුකම් සැලසී ඇති බවද වේලු අමාත්‍යවරයා පැවසීය
-දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka