ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය වෙන වැඩවලට යොදාගෙන! ළඟදීම තහනම් චක්‍රලේඛයක් නිකුත් වීමට නියමිතයි!
ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය අවභාවිත කොට යම් යම් පිරිස් සිය පෞද්ගලික වුවමනාවන් සදහා එය යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග නිල කටයුත්තකට හැරුණු විට වෙනත් කිසිදු කටයුත්තකට කාර්යාලයීය ලිපි ශීර්ෂය භාවිත කිරීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙි.
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත්තේ පසුගිය කාලය පුරා එහි සිටින යම් යම් පුද්ගලයන් තානාපති කාර්යාලවලින් වීසා නිර්දේශ ලබා ගැනීම සදහාත්, පෞද්ගලික ව්‍යාපාර සිදු කිරීම සදහාත් විවිධ පිරිස් වෙත ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය අවභාවිත කොට ඇති බවට පැමිණිලි ලැබී ඇති බවකි.
ඒ අනුව ඉදිරියේදී මෙවැනි කටයුතුවලට ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ භාවිතා කිරීම සපුරා තහනම් වේ.
මීට අමතරව පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලය තවත් නියෝගයක් නිකුත් කරමින් විදෙස් රාජ්‍ය නායකයන් ලංකාවට පැමිණි අවස්ථාවලදී ඔවුන් සමග ඡායාරූප ගැනීම ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට තහනම් කිරීමට පියවර ගැණින.
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත්තේ පසුගිය කාලය පුරා එහි සිටින යම් යම් පුද්ගලයන් තානාපති කාර්යාලවලින් වීසා නිර්දේශ ලබා ගැනීම සදහාත්, පෞද්ගලික ව්‍යාපාර සිදු කිරීම සදහාත් විවිධ පිරිස් වෙත ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය අවභාවිත කොට ඇති බවට පැමිණිලි ලැබී ඇති බවකි.
ඒ අනුව ඉදිරියේදී මෙවැනි කටයුතුවලට ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ භාවිතා කිරීම සපුරා තහනම් වේ.
මීට අමතරව පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලය තවත් නියෝගයක් නිකුත් කරමින් විදෙස් රාජ්‍ය නායකයන් ලංකාවට පැමිණි අවස්ථාවලදී ඔවුන් සමග ඡායාරූප ගැනීම ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට තහනම් කිරීමට පියවර ගැණින.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය වෙන වැඩවලට යොදාගෙන! ළඟදීම තහනම් චක්‍රලේඛයක් නිකුත් වීමට නියමිතයි!
2023-08-14T16:46:00+05:30
Gossip Lanka Hot News