ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකට රටින් පිටවීම වළක්වන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ආගමන විගමන පාලක ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කර තිබේ.
මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන ලෙස මෙම නියෝගය නිකුත් කර ඇත.
2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් ලබාදී ඇති බව අධිකරණයට දැනුම් දුන්නා.