2023 LPL T 20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය උමාරා සිංහවංශ නම් ගායිකාව විසින් ගායනා කිරීමේදී සහ වාදනය කිරීමේ දී විධිමත් ආකාරයෙන් සිදු නොවීම සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකර නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා විසින් පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාට ලිපියක් මගින් අද දැනුම් දී තිබේ.
මෙම සමාරම්භක අවස්ථාවට ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය වලින් විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබුණු අතර එය ජාතික අභිමානයට කැළලක් වූවා සේම ජාතියක් ලෙස ගත් විට මහත් අපහසුවට පත් කරන සිදුවීමකි.
ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද වෙනස් කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැති කිසිවිටෙකත් ලබාදී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා එම ලිපිය මගින් දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජාතික ගීය සම්බන්ධයෙන් බලධාරීත්වය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දරන අතර ස්වදේශ කටයුතු අංශය මගින් එම කටයුතු සිදු කරනු ලැබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන උපලේඛනයේ 7 වන ව්‍යවස්ථාවේ, ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය බවත් , ජාතික ගීයේ පදමාලාව හා සංගීතයත් පැහැදිලිව දක්වා ඇත.
ජාතික ගීය ප්‍රසිද්ධ ලෙස ගායනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන උපලේඛනයේ 7වන ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති පරිදි වෙනස් නොකර ගායනා කිරීම හා වාදනය කිරීම කළ යුතු බව සඳහන්.
එසේ වුවද 2023 LPL T 20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක අවස්ථාවේදී ගායනා කිරීමේදී සහ වාදනය කිරීමේදී විධිමත් ආකාරයෙන් සිදු නොවුණු බවට පැහැදිලි අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පොලිස්පතිවරයාගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත මෙම ලිපිය යොමු කරමින් ඉල්ලා තිබේ .
කසුන් විරතුංග
මාධ්‍ය ප්‍රධානී