gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුඩු සළිඳු සහ හරක් කටාගෙන් සී.අයි.ඩී ප්‍රශ්න කිරීම් අතරතුර ගිනි අවි 8ක් හමුවෙලා!

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ලෙස සැලකෙන කුඩු සළිඳු සහ හරක් කටා යන අයවලුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, ගිනි අවි 8ක් මේ වන විට සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා.

එම අවිවලින් දෙකක් ටී පනස් හය වර්ගයේ ස්වයංක්‍රිය අවි බව ද, අනෙක් ගිනිඅවි පිස්තෝල බව ත්, මෙම ගිනිඅවි මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධවලට භාවිත කළ ඒවා බවත් එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බවයි, වාර්තා වෙන්නෙ.

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වන මොවුන් මේ වනවිට මෙරටට රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ රඳවාගෙන මෙලෙස ප්‍රශ්න කෙරෙන සෙල්ලප්පෙරුමගේ සළිඳු ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු’ සහ වික්‍රමරත්න කසුන් චින්තක නොහොත් "හරක් කටා" යන අය විසින් විදේශගතව සිටිමින් මෙරට සිදුකරන මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් විසින් දීර්ඝ ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන බව එහි ආරංචි මාර්ග කියනවා.

මේ අතර, ඉකුත් 26 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කුඩු සළිඳු නමැත්තා විසින් රහස් පොලිසියේ නිලධාරියෙකු රුපියල් කෝටි 13ක අල්ලසක් ඉල්ලූ බවට කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන් ම, මුල්ලේරියාවේ නිවෙසකට ඇතුළු වී ගිනිඅවි පෙන්වා මරණීය තර්ජනය කර මුදල් සහ කාර් රථයක් කොල්ලකෑමේ චෝදනා යටතේ නීතිපතිවරයා සලකා බැලූ නඩුවකට ඔක්තෝබර් 6 වන දා හරක්කටා නමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට ද, නියමිතව ඇතැයි සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka