gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිගු කළක සිට රනිල් අමුතු ඇබ්බැහියක!

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ඉදිරි ජනාධිපතිවරණයේ දී ආකර්ෂණය කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ දී 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට උත්සහ දරන බව සමාජයේ පවතින ජනප්‍රිය මතයක් වුවද ඊට වෙනත් හේතුවක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උතුරේ දෙමළ ඡන්ද දිනා ගැනීමට 13වන ගැන කතා කිරීම අවශ්‍ය නොවන බවත්, ඔහු බලයට පැමිණෙන සෑම අවස්ථාවකදීම සිය තනතුර පවා අවදානමේ හෙළමින් බලය බෙදීම සඳහා පෙනී සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙඩරල්වාදය ට ඇබ්බැහි වී සිටීම නිසා බවත් පිවිතුරු හෙළ උරුමයේ නායකයා පසුගිය දින පැවති හිරු සළකුණ වැඩ සටහන හා එක් වෙමින් ප්‍රකාශ කලේය.

13 ඇති පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම පසුවට තබා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සූදානම් වුවද පොලිස් බලතල නොමැති 13 පවා රටට ඉතා හානිකර බව මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළේය.

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පුරාවිද්‍යාව පළාත් සභාවලට බලතල හිමිවන විෂයක් බවට පත්වන බවත් උතුරු නැගෙනහිර බෞද්ධ පුරාවස්තූන්ට දැඩි විරෝධයක් දක්වන එම පළාත්වල ජාතිවාදී දේශපාලකයන් අතට මෙම බලය පත් වූ විට එම පුරාවස්තූන්ට අත්වන ඉරණම ඉතා පැහැදිලි බවත් උදාහරණ සපයමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka