gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැතිවරු තුන්දෙනෙක් බැසිල් ළඟට ඇවිත් එකම කතාවක් කියයි

පසුගිය සතියේ පොහොට්ටුව ඇතුළේ තවත් විශේෂ සිදුවීම් තුනක් සිදුවිය. ඒ, මේ දිනවල ජනාධිපතිවරයා සමග ඉතා සමීපව වැඩකරන පොහොට්ටුවේ ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනකු වෙන වෙනම පැමිණ පොහොට්ටුවේ මහමොළකරුවා වූ බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමය. මෙම හමුවීම සඳහා බලපෑ විශේෂ හේතුවක්ද තිබිණි. එම හේතුව වූයේ ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට හේතුවෙන් පොහොට්ටුව මගින් මෙම ඇමැතිවරුන්ට පවරා තිබූ සිය දිස්ත්‍රික්කවල පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කොට නොතිබීම සහ පක්ෂයෙන් පැවරූ රාජකාරි ඉටුකොට නොතිබීමය. මේ හේතුවෙන් පක්ෂය මගින් මෙම ඇමැතිවරුන් තිදෙනාටම දැනුම් දී තිබුණේ අදාළ කටයුතු සිදු නොකරන්නේ නම් වෙනත් පුද්ගලයන් පත්කොට එම රාජකාරි සිදුකිරීමට පියවර ගන්නවා යැයි කියාය.

එකම කතාවක් කියයි!

කෙසේ වෙතත් මෙම දැනුම්දීමත් සමග අදාළ පොහොට්ටු ඇමැතිවරුන් තිදෙනා කඩාගෙන බිඳගෙන පොහොට්ටු පක්ෂ මූලස්ථානයට පැමිණ බැසිල් හමුවීමට පියවර ගත්හ. වෙන වෙනම පැමිණ බැසිල් හමුවුවද ඔවුන් තිදෙනාම සාකච්ඡාවේදී බැසිල්ට කියා සිටියේ එකම කතාවකි. ඒ, ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කළද ඉදිරියේදී තමන් පොහොට්ටුව සමග සිටින බවත්, පොහොට්ටුවෙන් තරග කරන බවත්ය.

අපි පොහොට්ටුවේ!

‘අපි ජනාධිපතිතුමා එක්ක ළඟින් වැඩ කරනවා තමයි. එතුමා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනෙ කියලත් කිව්වා තමයි. හැබැයි අපි තවම ඉන්නෙ පොහොට්ටුවත් එක්ක. ඉස්සරහට එන ඡන්දවලදී අපි තරග කරන්නෙත් පොහොට්ටුවෙන්. ඊළඟ ජනාධිපතිවරණයෙදී පක්ෂය තීන්දු කළොත් ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියලා අපි එතුමට සහාය පළකරනවා. ඒ වගේම පොහොට්ටුව තීන්දු කළොත් වෙන අපේක්ෂකයෙක් දාන්න අපි සහයෝගය දෙන්නේ පක්ෂය නම්කරන ඒ අපේක්ෂකයට…’ යන්න මෙම ඇමැතිවරුන් තිදෙනාම බැසිල්ට කියා සිටි කතාව විය.

රාජ්‍ය රහස්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka