ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩු මංගල්ලයේදී සිදු කළ කතාව සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආන්දෝලනයක් මතුව තිබේ. ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක කතෝලික ගිහි පැවිදි එකමුතුවේ සාමාජිකයන් මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ජනාධිපතිවරයා මඩු මංගල්ලයට සහභාගී වන බවක් කතෝලික සභාවේ ප්‍රධානීන් පවා දැන නොසිටි බවකි.
