gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකන් ගන්න එමිරේට්ස් සහ ඉන්දියාවේ ටාටා සමාගම සූදානම් වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී එය මිලට ගැනීමට ගල්ෆ් කලාපයේ ගුවන් සමාගම් උනන්දු වන බවද, කලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 40% ක කොටස් හිමිකරගෙන සිටි එමිරේට්ස් ගුවන් සේවය ද ඒ අතර විය හැකි යැයි ද එම සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නුටාල් මහතා ”ද නැෂනල් නිව්ස් ” නමැති වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ. බිලියන 1.4ක ජනගහණයක් සිටින ඉන්දියාවේ වාණිජ ගුවන් යානා ඇත්තේ මිලියනයකට 0.5ක් පමණක් වන හෙයින් ඉන්දියාව වැනි රටකට ප්‍රවේශ වීමට ගල්ෆ් කලාපයේ ගුවන් සමාගම්වලට එතුළින් අවස්ථාවක් නිර්මාණය වන බවද ඔහු සඳහන් කර ඇත. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගියදා ඉන්දියානු ගුවන් සේවය මිලදී ගත් ටාටා එන්ටප්‍රයිසස් සමාගමද ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට උනන්දු වන බවය.

1998 සිට වසර 10ක කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් හිමිව තිබුණේ එමිරේට්ස් සමාගමටය. එම කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ ලාභයක් ලද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් 2008 දී යළි ශ්‍රී ලංකා රජයට පවරා ගැනුණු අතර රජයේ පරිපාලනය යටතේ වසර හතක කාලයක් තුළ එය ඩොලර් මිලියන 875ක අලාභයක් ලැබීය.

කොවිඩ් වසංගතය හමුවේ සංචාරක කර්මාන්තය බිඳ වැටීම, පාස්කු ප්‍රහාරය සහ ආර්ථිකය බිඳවැටීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට දැඩි බලපෑමක් එල්ල විය. වසර 15 පසු 2023 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියනයක පිරිවැටුමක් යටතේ ඩොලර් මිලියන 100ක මෙහෙයුම් ලාභයක් ලබා තිබේ. එය 2008දී  එමිරේට්ස් සමාගමෙන් ආපසු ලබාගැනීමෙන් පසු පළමු වතාවට රතු අගය ඉක්මවා යෑමකි. ඉදිරි වසර තුනේ සිට පහ දක්වා කාලය තුළ ගුවන් යානා 23 සිට 40 දක්වා වැඩි කළ හැකි නම් ආදායම ඉහළ නංවාගත හැකි බවද ප්‍රධාන විධායක නිලධාරියා පෙන්වා දී තිබේ. දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් 61ක ගමනාන්ත 126කට සේවා සපයයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka