gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකානු ආයෝජකයෙකුගේ කෝටි 4,000ක දේපළකට මුරකරු විදින්න හදයි

ගෞරවාන්විත රජයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සහයෝගය නීති විරෝධී කූට ලේඛන සැකසීම සදහා ලබා දී තමන්ට අයත් නුවරඑළියේ එල්කප්ලේන් ප්‍රදේශයේ පිහිටි කෝටි 4000ක දේපල තමන් විසින්ම මාසික පඩි පදනම මත යෙදවූ මුරකරුට  අයිති කර ගැනීමට සහයෝගය ලබා දීම පිළිබඳව සිය අප්‍රසාදය හා කණගාටුව පළකරන බවත් මින් ඉදිරියට ඇමරිකානු ආයෝජකයන් ශ්‍රී ලංකාවට යැවීම පිළිබඳව ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙස ඉල්ලා ඇමරිකානු රජයට ඉල්ලීමක් සිදු කළ බවත් ඇමරිකානු ජාතික ආයෝජක තාරික් කුරෙයිෂි මහතා පවසයි ,

ඒ මහතා මේ බව කියා සිටියේ ඔහුට මුහුණපෑමට සිදුවූ අසාධාරණය පිළිබඳව මාධ්‍ය වෙත දුරකථන මාර්ගයෙන් අදහස් දක්වමිනි ,
 
වැඩිදුර අදහස් දක්වූ ඇමරිකානු ජාතික ආයෝජකයා සඳහන් කර සිටියේ 2002 වර්ෂයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා සංචාරක ව්‍යාපාර  ප්‍රවර්ධනය වෙනුවෙන් රජය සතුව තිබුණු අක්කර 14 ක භූමි ප්‍රමාණයක් සදහා  ඉදිරිපත් කරනු ලැබූ සාර්ථක ව්‍යාපෘති යෝජනාවක් අනුමත වී අදාල භූමිය තමා වෙත රජයෙන් ලබා දීමට කටයුතු කළේ තරු පහේ සුවිශේෂී  සංචාරක නිවාඩු නිකේතනයක් ඉදිකර එය පවත්වාගෙන යෑමටය ,

ගොඩනැගිල්ලේ වැඩ කටයුතු අවසන් වනවාත් සමඟම කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාවටද මුහුණ දීමට සිදු වූ අවස්ථාවේදී තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන සිතා ආයෝජකයාට ඔහුගේ මව් රටට නැවත යාමට සිදුවීමෙන් ඔහුගේ ගිණුම් කටයුතු සම්බන්ධව කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන බහිරදන් යන අයට හා ඔහුගේ කැමැත්ත පරිදි පිහිටවන භාරකාර කණ්ඩායමකට ඔහුගේ බලය ඇටෝර්නි බලපත්‍රයකින් පවරා එයට අමතරව මාසික වැටුප් පදනම මත තුප්පහිගෙ උදාර ප්‍රියන්ත යන අයට ආයෝජකයා විසින් අවසන් වරට සිදුකර තිබු වගා කටයුතු පිළිබඳව බලා ගැනීම වෙනුවෙන් මුරකරුවෙකු ලෙස යොදවා මෙරටින් පිටව ගිය බව ඇමරිකානු ජාතික ආයෝජක තාරික් කුරෙයිසි මහතා පවසයි .


එසේ ඔහු මෙරටින් පිට වීමෙන් අනතුරුව ආයෝජකයා විසින් අවසන් වරට සිදු කර ගිය වගාවේ ඵලදාව නෙලීමෙන් පසු මුර කටයුතු සඳහා යොදවා ගිය තුප්පහි ගෙදර උදාර යන පුද්ගලයා නොයෙකුත් රජයේ ආයතන කිහිපයක නිලධාරීන් සමග එකතු වී විවිධ කූට ලේඛණ සකසා අවට භූමි ප්‍රදේශයේ වගා අයිතිය සහ ගොඩනැගිල්ල භුක්ති විඳීමේ අයිතිය සකසා ගැනීමට උත්සාහ දරා ඇති බවද ඇටෝර්නි බලපත්‍ර හිමි බහිරදන් මහතා ඇතුළු භාරකාර කණ්ඩායම කියා සිටියි.

එලෙස අනිසි ලෙස අයිතිය තහවුරු කර ගැනීමට උත්සාහ දැරීමත් සමග   නීතිමය ක්‍රියාමාර්ග සිදු සිදුකිරීමෙන් පසුව අයිතිය තහවුරු කරන ලිපි ලේඛන ද රැගෙන  ඇටෝර්නි බලපත්‍රය හිමි බහිරදන් මහතා ඇතුළු කණ්ඩායම අදාල භූමියට ඇතුල් වීමට යෑමේදි මුරකරු විසින් නුවරඑළිය පොලිසිය සමඟ එක්ව විවිධ අන්දමින් තර්ජන එල්ල කළ බව පවසා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට හා දිස්ත්‍රික් ලේකම්වරයාට පැමිණිලිල්ලක් සිදු කර ඇත.


සිදු කළ එම පැමිණිල්ල අනුව 2023.04.10 ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය නගර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවේදී මේම ගැටලුව  පිළිබඳව ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා විසින් ජනාධිපතිවරයාට කරුණු දැක්වීමමෙන් අනතුරුව අදාල ඉඩම හා ගොඩනැගිල්ලේ අනවසරෙන්  රැඳී සිටින තුප්පහිගෙ උදාර ප්‍රියන්ත යන පුද්ගලයා වහාම ඉවත්කර රජයට පවරාගෙන විදෙස් ආයෝජකයාට නැවත බාරදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත ,

එහිදී ඉඩම් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මුරකරු හැටියට කටයුතු කළ දුප්පහිගෙ උදාර ප්‍රියන්ත යන අයට වගා කටයුතු සඳහා ලබාදී තිබෙන අවසර පත්‍රයද අහෝසි කරන ලෙසද ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දීමෙන් අනතුරුවත් එම පුද්ගලයා අනවසර ලෙස ඉඩම හා දේපල භුක්ති විඳින බව හා එම ඉඩමි අයිතිය ඇති තාරික් කුරෙයිසි නම් විදෙස් ආයෝජකයාගේ ඇටෝනි බලපත්‍ර හිමි පුද්ගලයා ඇතුළු කණ්ඩායමට ඉඩමට ඇතුළු වීමේදී කිහිප වතාවකදීම මරණීය තර්ජන ඇතුළු විවිධ ආකාරයෙන් තර්ජන එල්ල වීම පිළිබඳව ඇටෝර්නි බලපත්‍ර හිමි පාර්ශවකරුවන් විසින් වගකිවයුතු බලධාරීන් වන ප්‍රාදේශීය ලේකම්වරයාට හා දිස්ත්‍රික්ක ලේකම් වරයාට කිහිප වතාවක්ම   ලිඛිතව දැනුවත් කර ඇත.

එම දැනුවත් කිරීම්වලදී වැඩිදුර අදහස් දක්වමින් ඇටෝනි බලපත්‍ර හිමි පුද්ගලයා ඇතුළු කණ්ඩායම සඳහන් කර ඇත්තේ අයිතිය තහවුරු කිරීමට ඇති ලිපි ලේඛන සහිත පුද්ගලයන් නුවරඑළිය පොලීසිය වෙත ලබා දෙන පැමිණිලි හිතුමතේ නොසලකා හැර  නුවරඑළිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ හිතවත්කම් මත මුරකරුට පක්ෂපාතීව කටයුතු කර ඇටෝර්නි බලපත්‍රය හිමි අයට පොලිස් නිලධාරීන් විසින් අනිසි ලෙස  බලපෑම් එල්ල කරන බව ය.

මෙම තත්වය හමුවේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඩම් අංශයයෙන් අප කළ විමසුමකදී ඔවුන් අනාවරණය කර සිටියේ පාර්ශව දෙක අතර ඇති ඇතිවූ ගැටළුකාරී තත්ත්ව හමුවේ වසර කිහිපයක් කිසිදු බදු මුදලක් අය නොකර සිටි අතර ජනාධිපතිවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයාට ලබාදුන් උපදෙස් වලින් පසුව ඉඩමේ සැබෑ අයිතිකරු වන ඇමරිකානු ජාතික ආයෝජක තාරික් කුරෙයිසි මහතාගේ පාර්ශවයෙන් හිඟ බදු මුදල්ද සමඟ  එක්කෝටි හතළිස් හය ලක්ෂයක මුදලක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බදු මුදල් ලෙස ගෙවා ඇති අතර අනවසරින් වගා කරන හා අයිතිය ඉල්ලන පුද්ගලයා වන තුප්පහිගේ උදාර  ප්‍රියන්ත යන අය විසින් කිසිදු මුදලක් මේ වන විටත් ඔහුගේ නමින් ගෙවා නොමැති බවයි.

ඒ අනුව ඉඩමේ අයිතිය ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය මගින් තාරික් කුරෙයිසි යන අයට හිමිවිය යුතු බව ප්‍රාදේශිය ලේකම් තුමාගේ අත්සනින් යුතුව තහවුරු කර ඇති බවය.

මේ පිළිබඳ නුවරඑළිය පොලිසියෙ උසස් නිලධාරීන් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් අප සිදුකළ විමසුමකදී ඔවුන් කියා සිටියේ උදාර ප්‍රියන්ත යන අය විශාල භූමි ප්‍රමාණයක වගා කර ඇති බැවින් ඔහු කළ ඉල්ලීමට අනුව වගාව ආරක්ෂාකරදීම වෙනුවෙන් පොලිස් ආරක්ෂාව යොදවා නීතිය හා සාමය රැකීම වෙනුවෙන් කටයුතු කළ බවයි.

– ආර්.එෆ්.එම්.සුහෙල්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka