gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ ජේෂ්ඨයින් පිරිසකුත් කලකිරෙයි…නුගේගොඩ මන්ත්‍රී නිවසක රහස් හමුවක්..තීරණාත්මක මොහොතකදී සජිත්ට පාඩමක් උගන්නන්න සාකච්චා…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩ පිළිවෙල ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව එම පක්ෂයේම ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි සජබ මන්ත්‍රීවරයෙකුගේ නිවසේ පැවති විශේෂ රහස් හමුවකදී සාකච්චා කර තිබෙනවා.

සබරගමුව පළාත නිජෝජනය කරන මෙම ප්‍රබලයාගේ නිවසට සජබ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් 10 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් බොහෝ දෙනෙකු සිය ආරක්ෂකයන් පවා මෙම ගමනට සහභාගී කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

රටේ නායකත්වය භාරගැනීමට තියා සජබ කණ්ඩායම පාලනය කර ගැනීමටවත් ඔහුට නොහැකි තත්වයක් උත්ගත් වී තිබීම පිළිබඳවද පිරිස මෙහෙදී අදහස් දක්වා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල බිම් මට්ටමේ බොහෝ දෙනා කතාබහ කරන තත්වයකට අදවනවිට පත්ව ඇති බවද මෙහි පැමිණි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු දැඩිව අවධාරණය කර තිබෙනවා.

තත්වය වෙනස් නොවී ඉදිරියටද පැවතිය හොත් තීරණාත්මක මොහොතකදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිමටද පිරිස මෙහිදී කතාබහ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවරු කළා.

මෙම හමුව සතියට වරක් කණ්ඩායමේ සිටින එක් මන්ත්‍රීවරුන්ගේ නිවාසයක පැවැත්වීමටද මෙහිදී කතිකකරගෙන ඇති බවද වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka