කාංචන සමඟ ගේම ඉල්ලු රොෂාන් රණසිංහට ජනපතිගෙන් අවවාද!
කැබිනට් සාමුහිකත්වය කඩකළ ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කැබිනට් සම්ප්‍රදායන් සම්බන්ධයෙන් දැනුවත් කර අවවාද කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංග මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඇමතිවරයා කැබිනට් සාමූහිකත්වය කඩවන ආකාරයට කටයුතු කර ඇති බව සඳහන් කරමින් අද තමා හමුවී ඒ සම්බන්ධව නිදහසට හේතු දක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මිට පෙර දැනුම්දී තිබුණා.
ඒ අනුව නවක කැබිනට් සාමාජිකයකු වන අමාත්‍යවරයාට අවවාද කර ඉදිරියේ එවැනි වගකීම් විරහිතව නොහැසිරෙන ලෙස ජනාධිපතිවරයා විසින් අවවාද කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00ට කැබිනට් මණ්ඩල හමුව පැවැත්වෙන අතර ඊට ප්‍රථම අමාත්‍යවරයාව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
නියඟය හේතුවෙන් පිඩාවට පත්ව සිටින ගොවි ජනතාවට සමනල වැව ජලාශයෙන් ජලය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත්කල අවස්ථාවේදී වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ද එම යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත්කර තිබෙනවා.
එම අවස්ථාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊට විරෝධය පළකර තිබුනේ, මෙම නියඟ තත්ත්වය තුළ එසේ ජලාශවලින් ජලය මුදා හැරියහොත් රටපුරා දිනකට පැය කිහිපයක් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි.
කෙසේවෙතත් එහිදී මෙම යෝජනාවට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් වී ඇති අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වූ අතර රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සහ කාංචන විජේසේකර අමාත්‍යවරයා අතර බහින් බස් වීමක් ද සිදුව තිබෙනවා.
එය අමාත්‍යවරයා විසින් මාධ්‍යට ලබාදීම නිසා කැබිනට් සාමුහිකත්වය කඩකළ බවට රොෂාන් රණසිංහ මහතාට චෝදනා එල්ල වුණා.
දේශපාලන වාර්තාකරු

2023-08-07T14:11:00+05:30
Gossip Lanka Hot News