gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්..? ලෝක කුසලානය තරගාවලිය අහිමිවීමේ අවදානමක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවදුරටත් දේශපාලන බලපෑම් එල්ල වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු (ICC) විපක්ෂයේ ප්‍රධානියකු වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් හෙට (24) දිනයේ පැවැත්වීමට නියමිත සභාව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා විපක්ෂයේ දේශපාලනඥයා කළ විමසීමකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු එම දැනුම්දීම සිදුකර පැවසේ.

ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමේ සුදානමක් ඇතිබව දැනගන්නට ඇතැයි පවසා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එවැනි තත්වයක් මතුවුවහොත් ජාත්‍යන්ත ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවනු ඇතිබව ලංකාවේ බලධාරීන්ට මේවනවිටත් දැනුම්දී ඇති බවයි.

එවැනි තත්වයක් මතුවුවහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවනු ඇති බව ද එම ප්‍රකාශකයා අවධාරණය කර ඇතැයි ද පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka