gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊලග ආණ්ඩුව ආවම බලාගමු... පාර්ලිමේන්තු මහ ලේකම්ට තර්ජන... පාර්ලිමේන්තුව උණුසුම්! (VIDEO)

ඊළඟට ආණ්ඩුවක් එනව ආණ්ඩුවක් එනව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් පාර්ලිමේන්තු ලේකම්තුමියට සිදුකරනු ලබන තර්ජන වහාම පාලනය කිරීමට මැදිහත්වන ලෙසට ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ මහතාගෙන් අද (23) ඉල්ලීමක් කළේය. 
එය පාලනය නොකළහොත් අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එලෙස හැසිරීමට පටන් ගනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පාර්ලිමේන්තුව රැස්විය.

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි (ස.ජ.බ) මහත්වරුන් අතර ඇතිවූ සංවාදයට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද මැදිහත් විය.

එහිදී ඇතිවූ සංවාදය මෙසේය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි (ස.ජ.බ) – මහබැංකු බැඳුම්කර වංචාව සිදුවූ කාලය කවරේද යන්න විමසීම නඩු කටයුත්තකට බාධාවක් වෙන්නේ කෙසේද කියල මට කියල දෙන්න.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, මෙතුමා මේ අහල තියෙන කාරණයට මීට කලින් උත්තර දීල තියෙනවා. මම මගේ කාලය මේ වගේ අනවශ්‍ය කාරණයකට යොමු කරන්න සූදානම් නැහැ. හැබැයි අහන ඕනම දේකට පිලිතුරු දෙන්න අපි බැඳිල ඉන්නවා. ඒත් එකම දේ අහන්නනේ එතුමා වගේ අනිත් අයත් මෝඩයි කියලා එතුමා හිතාගෙන ඉන්නවනම් ඒකට අහුවෙන්න අපි සූදානම් නැහැ.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි (ස.ජ.බ) – මහලේකම්තුමා ‍හරි ලේකම්තුමිය හරි මේ ආණ්ඩුවට වාසි විදියට කටයුතු කළොත් ඊළඟට තව ආණ්ඩුවක් එනවා කියල මතක තියාගන්න. මම මේ තර්ජනය කරනව නෙවෙයි. මම නීති ප්‍රකාරව මගේ වැඩේ කරනවා. මම එකම ප්‍රශ්නය අහල නෑ. වගකීමෙන් කියන්නේ. ඕනම තැනකට මාව ගේන්න.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)- ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුවක් එනව, ආණ්ඩුවක් එනව කියල ලේකම්තුමියට තර්ජනය කරනවා. මේක ඔබතුමා පාලනය කරන්න. නැත්නම් මේක විහිළුවක් වෙනවා. අපේ පක්ෂයේ අයත් ඔය විදියටම හැසිරෙන්න ගන්නවා.

නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ (ශ්‍රී.පො.පෙ) -ගරු මන්ත්‍රීතුමා ඒ බලපෑම ශීලාචාර විදියට කරන්න.

– ප්‍රදීප් අනුර කුමාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka