gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Mr.කොත්තුට එරෙහිව මහරගම පොලිසියට පැමිණිල්ලක්!

කෝට්ටේ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) හිටපු මන්ත්‍රීවරයකු වන ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක (Mr.කොත්තු) විසින් තමාට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් කර අපහසුතාවයට පත් කළ බව කියමින් සමාජ  ක්‍රියාකාරියකු බව පැවසෙන විමුක්ති රණසිංහ නැමැත්තා විසින් මහරගම පොලිසියට ඊයේ (13) පැමිණිල්ලක් කර තිබේ.

විරාජ් වික්‍රමනායක (Mr.කොත්තු) බොරු රඟපෑමක් සිදුකරමින් තමන් විසින් රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලූ බවට සඳහන් කරමින් පොලිසියට බොරු පැමිණිල්ලක් කර තමාව පොලිස් අත්අඩංගුවට පත්කර අපහසුතාවයට පත් කළ බව කියමින් විමුක්ති රණසිංහ මේ පැමිණිල්ල කර තිබේ.

පැමිණිලි රිසිට්පත පහත දැක්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

විමුක්ති සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ විරාජ් නම් තැනැත්තාගේ දේශපාලනික ක්‍රියාකාරකම් වලට අදාලව යම් හෙලිදරව් කිරීමක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ බවයි.

ඉන් පසුව අගෝස්තු 11 දින සවස 4 ට පමණ විරාජ් නමැත්තා විමුක්ති පදිංචිව සිටින ග්‍රාමසේක වසම භාර ග්‍රාම නිලධාරියා සමඟ ඔහුගේ නිවසට පැමිණ අදාල සිදුවීම සමතයකට පත් කරගත් බවයි.

කෙසේවුවද, එසේ සිද්ධිය සමතයකට පත්කරගෙන සුළු වෙලාවකට පසුව විරාජ් නමැත්තා විමුක්තිට දුරකතන ඇමතුමක් ලබාදෙමින් “අනේ මල්ලි සල්ලි දෙන්නම් අයින් කරන්න” යැයි කියමින් ඔහුට කිසිවක් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා නොදී එම දුරකථන ඇමතුම තප්පර 23 කදී විසන්ධි කළ බවයි.

පසුව ඉකුත් 12 වැනිදා දහවල් සිය නිවසේදී මහරගම පොලිසිය මගින් තමාව අත් අඩංගුවට ගෙන සාපරාධී , කප්පම් ඉල්ලීම යන චෝදනා මත ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් ‍‍‍‍කළ බවත්, පසුව සිය නීතීඥයින් විසින් අධිකරණයේදී මෙය ව්‍යාජ පැමිණිල්ලක් බව දක්වමින් තමන්ට ඇප ලබාගත් බවයි.

මේ අතර, පසුගිය 10 වැනිදා ජාතික රූපවාහිනිිියේ නුග සෙවණ වැඩසටහන ඔස්සේ සේරාජ් වික්‍රමනායකගේ (Mr.කොත්තු) නිවසට ගොස් පැය 2ක සජීව වැඩසටහනක් කර තිබිණි. සිද්ධියට අදාළව සාමාජ මාධ්‍යයේ පළව තිබූ සටහන් කිහිපයක් පහත දැක්වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka