රෝහිත අබේගුණවර්ධනගේ ඥාති සොයුරාගේ නිවස කඩා රන් භාණ්ඩ තොගයක් හොරකම් කරලා!
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ගේ ඥාති සොහොයුරෙකු වන කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රොෂාන් අබේගුණවර්ධන ගේ නිවස හොරු කඩා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මසක් තුල නිවස හොරු කැඩූ දෙවන අවස්ථාවද මෙය බව සදහන් වන අතර , අමාත්‍ය වරයාද එහි පැමිණ සිටි අයුරු දැකගත හැකිවිය .
නිවසේ පිටුපස ජනේලයක් කඩා ඇතුල්වී ඇති කිසියම් පුද්ගලයකු එහි තිබූ රන්භාණ්ඩ සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක්ද සොරගෙන ගොස් ඇති බව සදහන්වේ.
සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති බවත් , කිසිදු හෝඩුවාවක් සටහන්ව නැති බවත් සැකකරුවන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
සුමිත් පොතුපිටිය
නිවසේ පිටුපස ජනේලයක් කඩා ඇතුල්වී ඇති කිසියම් පුද්ගලයකු එහි තිබූ රන්භාණ්ඩ සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක්ද සොරගෙන ගොස් ඇති බව සදහන්වේ.
සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති බවත් , කිසිදු හෝඩුවාවක් සටහන්ව නැති බවත් සැකකරුවන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
සුමිත් පොතුපිටිය
රෝහිත අබේගුණවර්ධනගේ ඥාති සොයුරාගේ නිවස කඩා රන් භාණ්ඩ තොගයක් හොරකම් කරලා!
2023-08-21T15:51:00+05:30
Gossip Lanka Hot News