gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ළඟදී පැන්ෂන් ගිය දේශීය ආදායම් ලොක්කා දැමූ බදු උපදෙස් කඩේ!

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගෙන යන නිලධාරීන් අතරින් කිහිපදෙනෙකු සිය රාජකාරී කාලය තුළ බදු ලිපිගොනු තුළින් මිතුරුකම් ඇති කරගන්නා බදු ගෙවන්නන් තවදුරටත් ආරක්ෂා කරමින් ගෙවිය යුතු බද්ද අඩුකිරීමට මුදලට උපදෙස්දී රටේ බදු ආදායම තවත් බස්සන උපදේශක මගඩියක් ගැන වාර්තා වේ.

ඒ අනුව අලුත්ම උපදේශක හල දමා ඇත්ත‌ේ පසුගිය ජූලි මස 21 වැනිදා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගත් එන්.එම්.එම්. මිෆ්ලි මහතාය.

ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගෙන මසක් යාමටත් පෙර කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ MIFA නමින් බදු උපදෙස් කඩයක්  ආරම්භ කර තිබේ.

 මිෆ්ලි, හිතවත් බදුගෙවන්නන් වෙතට තමාගේ අළුත් බදුපොළ ගැන විස්තර කෙටි පණිවිඩ සහ ඊ මේල් යවමින් දැනුවත් කර ඇති බවද පැවස‌ේ.

ඇතුළේ ඉඳිද්දීත් වැඩි සහය කළු සල්ලි සුදු කරන අයටයි

මිෆ්ලි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිටියදී වැඩි වශයෙන් සිදුකර ඇත්ත‌ේ බදු ප්‍රතිපත්ති සැකසීමේ සහ ජ්‍යත්ත්‍යන්තර බදුකරණය යන රාජකාරි කටයුතු බවත් පැවසේ.

එසේම ඔහු 2021 දී හදුන්වා දුන් බදු සමාපනතට අනුව හෙළි නොකළ ආදායම් සඳහා 1% සුළු බද්දක් අයකරගැනීමේ කටයුතු වලදී මූලික වී කටයුතු කර ඇති බවත් අනාවරණය විය.

බදුසමාව වාසියක් කරගෙන කළු සල්ලි සුදු කළ ව්‍යාපාරිකයින්ට තම කාර්යය පහසුවෙන් කරගෙන යාමට හැකිවුයේද මිෆ්ලිගේ සහයෝගයෙන් බව ‌දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෘත්තීය සමිති ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම මේ අතර වාර්තා වන්න‌ේ ආදායම හෙළිකළ බදු ගෙවන්නන් සම්බන්ධයෙන් බදු නිලධාරීන් දැනුවත් කර ඊට පසුව එළඹෙන වර්ෂවලදී අදාල බදු විගණන කාර්යක්ෂමව කරගෙන යෑම අවශ්‍ය කරුණක් වුවත් ඒ සඳහා අවශ්‍ය තොරතුරු මිෆ්ලි සහ වත්මන් කොමසාරිස් ජනරාල් විසින් මේ වනතුරුත් නිසි පරිදි එළිදක්වා නොමැති බවයි.

විශ්‍රාම ගැනීමෙන් පසුව බදු උපදෙස්හලක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි මිෆ්ලි ඊට වාසි වන විදියට අභ්‍යන්තර බදු විගණන කටයුතු සඳහා චක්‍රලේඛයක් කොමසරි ජනරාල් මඟින් නිලධාරීන් වෙත නිකුත් කිරීමට ද අමතක කර නැතැයි ද වෘත්තීය සමිති ප්‍රධානියකු අප සමඟ කියා සිටියේය.

මෙම චක්‍ර ලේඛනය නිසා පනතට අනුව මෙතෙක් කරගෙන ගිය බදු විගණන කටයුතු ක්‍රියාවලිය අවුල් කර ඇති  බවත්, අනවශ්‍ය ගැටුමක් ඉහළ පරිපාලනයත් පහල නිලධාරීන් අතරත් නිර්මාණය වී ඇතැයි ද පැවසේ.

ඔවර් ඇක්ටිං නිසා රුක්දේවීට ඔස්කාර් මිස් ‌වෙලා

මේ අතර, මිෆ්ලිගේ පුටුවට කෙල හලමින් සිටි රුක්දේවී ප්‍රනාන්දු නමැති නිලධාරිණිය ලේඛනය සම්බන්ධයෙන් තමාට ඉදියේදී එල්ල වන ගැටළු වලින් මිදීමට, මිෆ්ලි විශ්‍රාම ගන්නා දිනයේ දහවල කඩිමුඩියේම නිලධාරීන් වෙත චක්‍ර ලේඛනය පිළිබඳ පැහැදිළි කිරීමක් වැනි යමක් කිරීමට රංගනයක යෙදුනු බව හෙළිව ඇත්ත‌ේ එහිදී නිලධාරීන් ඇසූ ප්‍රශ්ණ වලට ද නිසි පිළිතුරු නොලැබීම නිසා බව පැවසේ.

මෙම ලේඛනය නිසා බදු විගණන කටයුතු අඩපණ වී ඇති බවත්, රටේ සමස්ථ බදු අදායමට මෙම තත්වයේ බලපෑමක් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තව දින කීපයකින් ජනරාල්ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත රංජිත් හපුආරච්චි මහතා ද MIFA කඩයට එකතු වීමට කැමැත්තෙන් සිටින බවට ද දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලය පුරා රාවයක් පැතිර තිබේ.

මේ සම්බන්ධයෙන් එම ආයතයේ හිටපු කීර්තිමත් ජනරාල්වරයෙක් කියා සිටියේ විශ්‍රාම යන නිලධාරීන් මෙසේ නැවතත් පිටත සිට බදුගෙවන්නන් සමඟ එකතුවී කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවයි.

ඒම තත්ත්වය නිසා අවම වශයෙන් විශ්‍රාම ගිය නිලධාරියෙකුට නැවත තමා සේවය කළ ස්ථානයට අදාල කටයුතු සම්බන්දයෙන් පෙනී සිටීම අඩුම තරමින් වසර තුනක් දක්වාවත් නතර කළ යුතු බවයි.

විනිවිද බවින් යුතු බදු ක්‍රමයක් ඇතිකර බදුගෙවන්නාගේ විශ්වාසය වැඩි කිරීමට නම් මෙවැනි තත්වයන් කඩිනමින් නිවැරදි විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මිරර්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka