gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව සන්ධානය ගැන කතාකරන රාජපක්ෂ කේවට්ටයෙක් ගැන ලන්සා හෙළි කරයි!අපි ගැන කතා කරන්න එයා පොහොට්ටුවට හුඟාක් ලපටියි

තම දේශපාලන කටයුතු ගැන සහ පොහොට්ටුවේ දේශපාලනය ගැන කතාකරන උදයංග නැමැත්තාට පිළිතුරු දීමට ඔහු පොහොට්ටුවට හුඟාක් ලපටි චරිතයක් බව නව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා සහ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පොහොට්ටුව නිර්මාණය කරන විට ඔහු සිටියේ මිග් යානා වංචාවකට හසුවී ලංකාවට ඒමට නොහැකිව බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

සමාජ මාධ්‍ය හරහා මේ දිනවල නව සන්ධානයට සිදුකරන ඇතැම් ප්‍රකාශවලට අපකළ විමසීමකදී විදෙස් ගතව සිටින මන්ත්‍රීවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධවෙමින් මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියා.

“රාජපක්ෂ නමට නෑදෑකමක් තිබ්බ පමණින් පක්ෂයක් ගැන කතාකරන්න පුළුවන් කමක් නෑ.කොහොමත් පොහොට්ටුව ගැන කතාකරන්න එයා බොහොම ලපටි වැඩියි.මොකද්ද ඔය මනුස්සයට පොහොට්ටුවේ තියන තනතුර.පොහොට්ටුව හදන කාලේ ලොවෙත් නැති,ගෝඨාභය ජනාධිපතිතුමාට පින් සිද්ද වෙන්න අයෙත් ලංකාවට ආපු යන එනමන් නැතුව හැංගිලා හිටපු කෙවට්ටයෙක් නව සන්ධානය ගැන කතාකරනවා.රාජපක්ෂවරුන්ගේ දේශපාලනය නැති උනේ ඔන්න ඔය පට්ට හොරු නිසා.නව සන්ධානයත් බැසිල්ගේ වැඩක් කියලා කීවම නව සන්ධානයේ දේශපාලන කටයුතු ඉවරයි කියලා හිතන්න ඇති.අපි රාජපක්ෂවරු එක්ක බැරි නිසා තමයි එලියට බැස්සේ.දැන් ඒකට රිදුන නිසා තමයි බත් බැලයෝ දාල අපට ගහන්නේ.අපේ කණ්ඩායමේ ඉන්නේ ආයේ රාජපක්ෂලා එක්ක දේශපාලනය කරන අය නෙමෙයි.”යැයි මන්ත්‍රීවරයා කියයි

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka