gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහජන සම්පත-ජාතික සම්පත දිනුම් අදින යන්ත්‍ර කැඩිලා! ඉලක්කම්-අකුරු-ලග්න එක පාර දෙන්නෙ නෑ! සමහර දිනුම් දෙපාර තුන්පාර ඇදලා! යන්ත්‍රවල දෝෂ ඇති බව මණ්ඩලයත් පිළිඅරන්! විගණන වාර්තාවක් හෙළිකරපු අලුත්ම හොරේ මෙන්න

ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත සහ ජාතික සම්පත දිනුම් ඇදීමේ යන්ත්‍රවල ඇතැම් අවස්ථාවන්හි දෝෂ සහගත තත්ත්වයන් ඇති වන බව ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

මහජන සම්පත ලොතරැයි දිනුම් ඇදීම සඳහා යොදා ගන්නා යන්ත්‍රය විධිමත් පරිදි ක්‍රියාත්මක නොවීම , යන්ත්‍රමගින් ලබා ගන්නා ඉලක්කම් , අකුරු හා ලග්න නිවැරදි ලෙස එක් වරම ලබා නොදීම හා එම ඉලක්කම් , අකුරු හා ලග්න සහිත බෝල යන්ත්‍රවල හිරවීම හේතුවෙන් ඒවා නැවත නැවත ක්‍රියාත්මක කිරීමට සිදු වූ අවස්ථා දිනුම් ඇදීමට සහභාගි වන විගණන කාර්ය මණ්ඩලවලින් නිරීක්ෂණය කළ බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
 
මෙම යන්ත්‍රවල ක්‍රියාකාරීත්වයේ දෝෂ සහගත තත්ත්වය පෙන්වා දීමෙන් පසු රුපියල් කෝටි පහළොවක් වැය කරමින් අලුතින් යන්ත්‍ර මිලට ගැනීමට මණ්ලඩයේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර තිබූ නමුත් මේ දක්වා නව යන්ත්‍ර මිලට ගෙන නොමැති බව ද විගණන කාර්යාලය පවසයි.
 
මහජන සම්පත ලොතරැයි දිනුම් ඇදීම සඳහා යොදා ගන්නා යන්ත්‍ර වසර පහළොවකට වැඩි කාලයක සිට පාවිච්චි කරමින් සිටින බවත් ජාතික සම්පත දිනුම් ඇදීමේ යන්ත්‍රෙය් ද ඇතැම් අවස්ථාවල දෝෂ සහගත තත්ත්වයන් පැන නැගී තිබෙන බවත් විගණන කාර්යාලයේ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙන මණ්ඩලයේ කළමනාකාරීත්වය සඳහන් කරයි.
 
මේ නිසා යන්ත්‍ර දෙකක් එකවර මිල දී ගැනීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර තිබෙන බවත් කළමනාකාරීත්ව පවසා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka