gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පේරාදෙණිය මහාචාර්යවරියකගේ සැමියාට හොර ලේඛන හදා කෝටියක් ගෙවලා!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ රාජකාරි කර මියගිය මහාචාර්යවරියකගේ සැමියාට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ව්‍යාජ ලේඛන සකසා නීති විරෝධී ලෙස ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්කමිටුව) තොරතුරු අනාවරණය විය.

ඇයගේ ස්වාමි පුරුෂයාද එම විශ්වවිද්‍යාලයේම සේවය කරන්නෙකි. මෙම මහාචාර්යවරියට හිමි රුපියල් ලක්ෂ දෙකක් ණ අර්ථසාධක මුදලක්ද, රුපියල් ලක්ෂ තිස් හතක් පමණ හිඟ වැටුප් හා දීමනාද නීති රෙගුලාසිවලට පටහැනිව මෙසේ ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

පසුගිය 2020 වසරේ සිදු වූ මෙම වංචාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක  නොවූයේ මන්දැයි විගණකාධිපතිවරයා මෙහිදී කරුණු විමසා සිටියේය.

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අපකීර්තියක් ගෙනදෙන මෙවැනි සිදුවීම් නැවැත්වීමට වහාම මැදිහත්විය යුතු බව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විශ්වවිද්‍යාල නිලධාරීන්ට දැනුම් දුන්නේය. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම්වලදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ, වංචා සහ අක්‍රමිකතා සෙවීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් තෙමසක් ඇතුළත පත්කිරීමටද කෝප් කමිටුව නිර්දේශ කළේය.

මේ අතර ගිවිසුම කඩ කළ ආචාර්යවරුන් හැට තුන් දෙනකුගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් අයකර ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස කමිටුව විශ්වවිද්‍යාල පාලනාධිකාරියට දැනුම් දුන්නේය.

විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසද කෝප් කමිටුව උපදෙස් දුන්නේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව කරුණු විමසීම සඳහා එම විශ්ව විද්‍යාලයේ ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාව  හමුවට පෙරේදා (8)  කැඳවනු ලැබ සිටියහ. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පැවති මෙම රැස්වීමට කැඳවනු ලැබූ පිරිසට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහත්වරුන් ඇතුළු පිරිසක් ඇතුළත් වූහ.
 
සුජිත් හේවාජුලිගේ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka