gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ලබන සිකුරාදා!

ලබන සිකුරාදා රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීම සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට නියමිතව ඇති බවත් , සිකුරාදා පෙරවරු 10.30ට එම කාරක සභාව රැස්වීමට නියමිත බව තොරතුරු වාර්තා වේ. 
සෞඛ්‍ය අමාත්‍යවරයාට ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අද දිනයේ , වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ – ආර්ථික ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදයට ගැනීමට නියමිතව ඇති අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වී ඇති අතර මෙම කල් තැබීමේ විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම විවාදයේ අරමුණ වන්නේ , වතු ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකිරීම බවද තොරතුරු වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka