gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ අංක 2 : කුරුන්දිමලේ – ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි!

මුලතිව් කුරුන්දිමලේ විහාරස්ථානය මුල් කර ගනිමින් නොසන්සුන්තා ඇති කිරීමට සහ නොසන්සුන්තා ඇති කිරීමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සහ පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස්කරන ලෙස දේශීය බුද්ධි අංශ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කුරුන්දි විහාරය සම්බන්ධයෙන් මෑත කාලයේදී ඇති වූ ආරවුල් සහ මතභේද හේතුවෙන් ඇති විය හැකි ආසන්න වාර්ගික කෝලාහල පිළිබඳ ඉන්දීය බුද්ධි අංශ විසින් නිකුත් කර ඇති බවට පැවසෙන අනතුරු ඇඟවීමේ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙලෙස තොරතුරු රැස්කිරීම අරඹා තිබෙනවා.

කුරුන්දිමලේ විහාරස්ථාන භූමියේ අයිතිය ඉල්ලා බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් උසිගන්වන දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීන් නිරීක්ෂණය කිරීම සඳහා මෙම නියෝග නිකුත් කර ඇති බව බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහන් කළ බව “The Island” පුවත්පත වාර්තා කරනවා.

2019 ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ ජාතිවාදී කෝලාහල සහ එවැනි කැළඹීම් ඇති කිරීමේ දැඩි හැකියාවක් පවතින බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීම් පළ කර ඇති බව ඇතැම් ඉන්දීය පුවත්පත් වාර්තා කර ඇතිබව බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් පසුගිය සිකුරාදා සිට කුරුන්දිමලේ විහාරස්ථාන පරිශ්‍රයට පැමිණ ආගමික වතාවත් පැවැත්වීමට පටන් ගෙන ඇති බව මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වේ.

දකුණේ සිට වැඩම කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල බැතිමතුන් පිරිසක් සමඟ එක්ව කුරුන්දිමලේ විහාරස්ථානයේ ආගමික උත්සවයක් පැවැත්වූ අතර, ඒ හේතුවෙන් යාබද හින්දු කෝවිලේ පොංගල් උත්සවය පැවැත්වීමට පැමිණි පිරිසක් අතර ඉකුත්දා උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.

බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් අතර උණුසුම් තත්ත්වයක් පවතින බැවින් ආගමික බැතිමතුන් අතර ගැටුම් ඇතිවීම වැලැක්වීම සඳහා විශාල පොලිස් භට පිරිසක් ප්‍රදේශයේ යොදවා තිබේ.

උපුටා ගැනීම : newshub


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka