gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දළදා පෙරහරේ අලි කුලප්පුවක්…නොසන්සුන් තත්ත්වය මැඩ පවත්වයි! (වීඩියෝ සහිතයි)

දළදා මාළිගාවේ දෙවැනි කුඹලු පෙරහර වීදි සංචාරය කරමින් සිටිය දී මීට ස්වල්ප වෙලාවකට පෙර පෙරහරේ අලි  03 දෙනෙක් කුලප්පු වීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දැනට සුළු මොහොතකට පෙර කතරගම දේවාල පෙරහර දළදා මාළිගාවේ සිට ක්වීන්ස් හෝටලය දෙසට පැමිණෙමින් සිට තිබේ. කරගම දේවාල පෙරහරේ    ගමන් ගත් අලියෙක් එක් වරම  කුලප්පු වී ඇත.

ඉදිරියෙන් ගමන් කරමින් තිබුණේ  විෂ්ණු දේවාල පෙරහරය. විෂ්ණු දේවාල පෙරහරේ  පිටුපසින් ගමන් ගෙන ඇත්තේ දකුණේ රාජ්‍ය බලයත් හෙබවූ ප්‍රභූ පවුලක ප්‍රධානියාට අයත් ඇත්තු දෙන්නෙකි.  මෙම ඇතුන් දෙදෙනා මෙවර පෙරහරට ඉදිරිපත් කර ඇත්තේ වෙනත් පුද්ගලයෙකුගේ නමිනි.

කුලප්පු වී පැමිණි කතරගම දේවාලයේ ඇතා විෂ්ණු දේවාල පෙරහරේ පසුපසින්ම ගමන් ගත් මෙම දකුණේ දේශපාලන ප්‍රබලයාගේ ඇතෙකුට පහර දී තිබේ. ඒ සමගම එම ඇතුන් දෙදෙනා ද බියපත්ව කුලප්පු වී   තිබේ. මේ එක් ඇතෙක් ක්වීන්ස් හෝටලයේ කොරිඩෝව දෙසටත් අනෙක් ඇතා අලියා දුවගෙන ගොස් වැව් බැම්ම වෙතත් ගොඩ වී තිබේ.  ඒ සමගම මිනිස්සු හිස් ලූලූ අත දිව ගොස් ඇති අතර වැව් බැම්ම මත සිටි පිරිසක් බියපත්ව වැවට පැන ඇත.
 
ඒ අවස්ථාවේ දී එතැන සිටි ජිවිතාරක්ෂකයන් ඔවුන් ගලවාගෙන ඇති අතර මදක් අසනීප තත්ත්වයක් පෙන්වූ කාන්තාවක් නුවර රෝහලට ඇතුළත් කර තිබේ.

එම අවස්ථාවේ කුලප්පු වූ අලි  මෙල්ල කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු වෛද්‍ය කණ්ඩායම පියවර ගෙන ඇත. මහාචාර්ය අශෝක දංගොල්ලට අනුව කුලප්පු වී ඇති මුළු අලි සංඛ්‍යාව පහකි.

මේ වනවිට තත්ත්තවය පාලනය කර   ඇත.

දෙවැනි කුඹල් පෙරහර. දළදා මාළිගාවේ  සිට පැමිණ ඩී.එස් සේනානායක වීදිය කොළඹ වීදිය කොටුගොඩැල්ල වීදිය රජවීදය ඔස්සේ ගොස් නැවත දළදා මාළිගයට ගෙවදීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka