gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මන්ත්‍රීවරුන් 35ක් ආණ්ඩුවට එන්න පස්මහබැලුම් බලයි!

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 කට ආසන්න පිරිසක් ආණ්ඩුවට එක් වීමට පස්මහබැලුම් බලමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

 මේ අතර පෞද්ගලික සිහින පසුපස හඹාගොස් කවුරුන් කුමන බලවේග ගොඩ නැගුවද ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

 ඔහු මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

 මේ අතර, පොදුජන පෙරමුණේ හබරාදුව ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ගිණුම් පිළිබද සොයා බැලිය යුතු බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka