ජාතික රූපවාහිනිය ඇමතිගේ පොල් වත්තක් ද? – අනුර ප්‍රශ්න කරයි... නි. කතානායක පාර්ලිමේන්තුව අත්හිටුවයි (VIDEO)
ජාතික රුපවාහිනියේ අයි නාළිකාව ලයිකා මොබයිල් සමාගමට අත්තනෝමතිකව බදුදීම පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රශ්න කරමින් සිටින අතරමැද නියෝජ්‍ය කතානායක දිවා භෝජනය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීය.
මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග 27/2 යටතේ අදාළ ප්‍රශ්නය නගමින් අයි නාළිකාව බදදීම පිළිබඳ ප්‍රසිද්ධ දැන්වීම් පළ කළාද සහ මාසයකට රුපියල් මිලියන 25ක මුදල තක්සේරු කළේ කුමන තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් ද යනුවෙන් විමසූ අතර ප්‍රශ්න කරමින් අත්තනෝමතිකව මෙවැනි තීරණ ගැනීමට රූපවාහිනි සංස්ථාව ඇමතිවරයාගේ පොල් වත්තක් දැයි දැඩි විවේචනයක් එල්ල කරන අතර දිවා භෝජනය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීය.
ජාතික රූපවාහිනිය ඇමතිගේ පොල් වත්තක් ද? – අනුර ප්‍රශ්න කරයි... නි. කතානායක පාර්ලිමේන්තුව අත්හිටුවයි (VIDEO)
2023-08-22T14:22:00+05:30
Gossip Lanka Hot News






