සම්පන්දන්ගේ සහ සෙන්දීල් තොණ්ඩමන්ගේ උපදෙස් පිට කඩවත් ප්‍රාදේශීය ලේකම් බොරළුකන්ද රජ මහා විහාරයේ පන්සල් වත්ත සුද්ද කිරීම නවත්වයි!
ත්‍රීකුණාමලය පෙරියකුලම් ඉලුප්පකුලම් හි පිහිටා ඇති බොරළුකන්ද පුරාණ රජ මහා විහාර භූමියේ සිදුවන ඉදිකිරිම් හෝ සුද්ධ පවිත්‍ර කිරීම් වහාම නවත්වන්නැයි නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් පී. දනේෂ්වරන් විසින් විහාරාධිපති හිමියන්ට ශාසනාලයෙන් යුතුව දැනුම් දී තිබේ.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර ඇති මෙම පුරාණ රජ මහා විහාරයේ පන්සල් වත්ත ශුද්ධ පවිත්‍ර කිරීමට අවට ජනතාව දැඩි ලෙස විරෝධය දක්වන බව දන්වමින් ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයා සහ නැගෙනහිර පලාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන් දුරකථනයෙන් කළ වාචික නියෝගයකට අනුව ප්‍රාදේශිය ලේකම්වරයා මෙම දැනුම් දිම විහාරාධපති හිමියන් වෙත ලිඛිතව සිදුකර තිබේ.
මෙම ලිපියේ පිටපත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට, ත්‍රීකුණාමලය දිසාපතිවරයාට, ත්‍රී කුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, නිලාවේලී පොලිස් ස්ථානයට, සහ ඉලුප්පකුලම් ග්‍රාම නිලධාරීවරයාට යොමු කර තිබේ.
එම ලිපිය පහත දැක්වේ.
එම ලිපිය පහත දැක්වේ.
සම්පන්දන්ගේ සහ සෙන්දීල් තොණ්ඩමන්ගේ උපදෙස් පිට කඩවත් ප්‍රාදේශීය ලේකම් බොරළුකන්ද රජ මහා විහාරයේ පන්සල් වත්ත සුද්ද කිරීම නවත්වයි!
2023-08-11T07:42:00+05:30
Gossip Lanka Hot News







