gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජැෆ්නා කණ්ඩායමට අනුග්‍රහය දැක්වූ MTFE ගැන මහ බැංකුවෙන් විමර්ශනයක් අරඹයි!

2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙසද කටයුතු කළ MTFE ආයතනයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කරනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව තහවුරු කළ අතර ඔවුන් පවසා සිටියේ අදාළ ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි සමාගමක් නොවන බවයි.

එම ආයතනය 2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකා කිකට් ආයතනය සහ අයි.පී.ජි සමාගම සමඟ ගිවිසුම් ගතව තිබූ අතර ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජර්සියේ මෙම සමාගමේ ලාංජනය මුද්‍රණය කිරීමටත් තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණවල ප්‍රචාරණ කටයුතු සිදු කිරීමටත් එම ආයතන කටයුතු කර තිබෙන අයුරු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් පිරිමිඩ සමාගමක් ලෙස කටයුතු කරන බවට මෙම සමාගමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධය එල්ලවීමත් සමඟ එම සමාගම එල්.පී.එල්. අනුග්‍රහකත්වය ඉවත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී සමාගම පසුව කටයුතු කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka