gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වාහන 400ක දත්ත වෙනස් කර විකුණලා – ආර්.එම්.වී. ලොක්කෙකුත් හවුල් – මහා මොළකාරයා කඩවත

නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 400 කට අධික වටිනාකමෙන් යුත් වාහන 400 ක් සඳහා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ඒවා අලෙවි කිරීමේ යෙදුණු සංවිධානාත්මක ජාලයක සුලමුල හෙළිකරගත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු ඊයේ (10 වැනිදා) සිය භාරයට ගෙන ඇත.

ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ලියාපදිංචි කරන ලද රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමෙන් යුත් සුඛෝපභෝගී ජීප් රථයක්ද සිය භාරයට ගෙන තිබේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය භාරයට ගත් සැකකාර මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරය භාර නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කර ගෙන යන බව එම බළකායේ නිලධාරියෙක් කියා සිටියේය.

මෙම ජාවාරමට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තවත් පිරිසක් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර එම පිරිස් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන්වා සඟවාගෙන සිටින අධික වටිනාකමෙන් යුත් අතිසුඛෝපභෝගී වාහනවල දත්ත වෙනස්කර ඒවාට ව්‍යාජ දත්ත ඇතුළත් කර එම වාහන අධික මිලකට අලෙවි කිරීමේ ජාවාරම මෙම සංවිධානාත්මක කල්ලිය විසින් කලක සිට කරගෙන ගොස් ඇත.

මෙහි මහ මොළකරු කඩවත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ වනවිට වාහන ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගත කර සිටියි.

මෙම ජාවාරමට සම්බන්ධ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරය භාර නිලධාරියා දීර්ඝ කාලයක් තිස්සේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර වසර ගණනක් වැඩ තහනමට ද ලක්ව සිටි අයෙකි.

මෙම සැකකරු පැරණි වාහනවල ලියාපදිංචි දත්ත ලබාගෙන ඒවා මෙම ව්‍යාජ වාහනවලට ඇතුළත් කර ඒවා නැවත ලියාපදිංචි කර කඩවත කෝටිපති ව්‍යාපාරිකයාට ලබා දෙන බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ඒ ආකාරයට ව්‍යාජ ලිපි ලේඛන යොදා වාහන ලියාපදිංචි කර දීම වෙනුවෙන් මොහු ලක්‍ෂ ගණනක මුදල් අය කර ඇති බවද අනාවරණය වී තිබේ.

වලාන දූෂණ මර්දන හා ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ උදය කුමාර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ශාන්ත, උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමසිරි සැරයන් (428) ජයලාල් කොස්තාපල්වරුන් වන (94009) ශ්‍රියන්ත (84899) උදය කුමාර ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු
දිවයින


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka