gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගලයේ අභිලාෂයන් ඉටුවෙලා නැහැ – ජනතාවගෙන් 60%ක් කියන බව වෙරිටේ රිසර්ච් කියයි

ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගෙවෙන තැන, ‘අරගලයෙන්’ තමන් බලාපොරොත්තු වූ දේ ඉටුව නොමැති බව රටේ ජනතාවගෙන් 60% කගේ අදහස යැයි වෙරිටේ රිසර්ච් කළ ජනමත විමසුමකින් අනාවරණය වී ඇතැයි එම ආයතනය කියයි.

රටේ ජනතාවගෙන් 51% ක ප්‍රමාණයක්, රට ගොඩගැනීමට නම් අයහපත් පාලනය හරි ගැස්විය යුතු බවද කියන්නේ යැයි වෙරිටේ රිසර්ච් පවසයි. එම ආයතනය මෙසේද කීය. පැවැති පාලනයට විරෝධය දක්වමින් 2022 අප්‍රේල් මස 09 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියට පිරිස් රැස්විය. අරගලයට විශාල අවධානයක් හිමිවූයේ එයත් සමඟය. එම වසරේම අගෝස්තු මස 10 වැනිදා ගාලුමුවදොර පිටියේ එතෙක් රැඳී සිටි සියල්ලෝම ඉවත්ව ගියහ. එදින සිට අද දක්වා ගෙවී ඇති කාලය හරියටම වසරකි. නව අගමැතිවරයෙක් පත්වීම, නව කැබිනට් මණ්ඩලයක් පත්වීම සහ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සිය තනතුරින් ඉල්ලා අස්වීම, මෙම සමයේ වූ වැදගත් සිදුවීම්ය.

එවන් පසුබිමක සිට අරගලය තුළින් ජනතාවගේ බලාපොරොත්තු, අභිලාෂයන්, සිතුම් පැතුම් ඉටුවූයේද, නැතිද, යැයි ඇසූ පැනයට ‘බොහෝදුරට නැත’ යැයි බහුතරයක් ජනතාව පිළිතුරු දී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 60% කි. එම බලාපොරොත්තු, අභිලාෂයන්, සිතුම් පැතුම් බොfාහ්දුරට ඉටුවූ බව පවසා ඇතේ 11% ක ප්‍රතිශතයකි. 29%ක් ‘අදහසක් නැත’ යැයි ප්‍රතිචාර දක්වා ඇත. ඉහත පැනයත් සමඟ රට ගොඩනැගීම සඳහා කළ යුතු වන්නේ කුමක්දැයි යන්න ජනතාවගෙන් විමසා බැලීමද, සිදු කෙරුණු අතර, ඒ සඳහා ප්‍රකාශ 03 ක් යොදා ගැනිණ.

එම ප්‍රකාශයන් අතරින්, රට යළි ගොඩනැගීමට නම් දූෂිත, අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍යයයි යන ප්‍රකාශයට ඉහළම ප්‍රතිචාර හිමිව ඇත. එය ප්‍රතිශතයක් ලෙස 51% කි.

දෙවනුවට වැඩිම ප්‍රතිචාර හිමිව ඇත්තේ රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යයයි යන ප්‍රකාශයටය. එය 34% කි. තුන්වෙනි ප්‍රකාශය වූ රට යළි ගොඩනැගීමට නම් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ස්ථාවරත්වයට මුල්තැන දීම අවශ්‍යයි යන්නට ලැබී ඇති ප්‍රතිචාරය 15% කි.

රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනකුගේ නියැදියක් පදනම් කරගෙන මෙම සමීක්‍ෂණය සිදුකර ඇත. දත්ත එකතු කිරීම සිදුකර ඇත්තේ 2023 ජුනි මාසයේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka