රජය විසින් ඉදිරිපත් කර ඇති අස්වැසුම වැඩපිලිවෙලේ අඩුපාඩු සකස් කරන තෙක් එම වැඩපිළිවෙළ කෙටි කාලයකට අත්හිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 62 දෙනෙක් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
අස්වැසුම යෝජනා ක්‍රමය මගින් සැබෑ සුදුස්සන්ට සහනාධාර අහිමිවී නුසුදුස්සන්ට සහනාධාර ලැබී ඇති බවත් ඒ හරහා මෙම වැඩපිළිවෙල විවේචනයට ලක් වෙමින් තිබෙන බවත් ඔවුන් පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරයා රටේ ආර්ථික හා දේශපාලන ව්‍යාකූලත්වයෙන් මුදවා ගැනීමට දැක්වූ දායකත්වය ඒ හරහා දිනාගත් ජනතා විශ්වාසය මේ හේතුවෙන් පළුදු වෙමින් පවතින බවත් ලිපියේ දැක්වේ.
අස්වැසුම නිර්ණායක වල පවතින අඩුපාඩු හේතුවෙන් සහනාධාර ලැබීමට සුදුසු අන්ත දුගී අසරණ ජනතාව ලක්ෂ ගණනකට සහනාධාර අහිමි වී ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.
රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද මෙම ලිපියට අත්සන් තබා ඇත.