එංගලන්තය, ඔස්ට්‍රෙිලියාව. ඕමානය හා ඩුබායි රාජ්‍යයන්ගේ වෛද්‍ය විද්‍යා විභාග සමත්ව එම රටවල සේවය සදහා යාමට වෛද්‍යවරු 5000ක පමණ පිරිසක් මේ වන විට බලා සිටින බව රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම පිරිස කොයි මොහොතක හෝ මෙරට අතහැර යනු අතැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.
විදේශගතව වෛද්‍යවරුන් බියපත් කර මෙම ගැලුවට විසඳුම් සෙවිය නොහැකි බවත් ඔවුන්ව මෙරට රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් හෙතෙම පෙන්වාදේ.
සීමාවාසික පුහුණුව නිමකළ පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය වෛද්‍යවරුන්ට ලැබෙන අතර එය අහෝසි කිරීමට නීතිමය ප්‍රතිපාදනයන් නොමැති බවත් වෛද්‍යවරුන්ගේ දේපල රාජසන්තක කරන බවටත්, එංගලන්තයේ වෛද්‍ය සභාව තුළ ලබා දී තිබනෙ ලියාපදිංචිය අහෝසි කරන බවටත් කරන තර්ජන නීතිවිරෝධි හා සදාචාරාත්මක නොවන බවද වෛද්‍ය චමිල් අවධාරණය කරයි.
මෙවැනි නීතිවිරෝධී වගන්ති සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් සෞඛ්‍ය ඇමතිවරයා ට කොළකෑලිවල ලියා දෙන බවත් ඔහුද ඒවා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර අපහසුතාවන්ට පත් වූ අවස්ථාවන් කීපයක්ම වාර්තා වී ඇති බවත් හෙතෙම පෙන්වාදේ.
කලින් නොදන්වා සේවයෙන් ඉවත්ව යන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත හැකි විනය ක්‍රියාමාර්ගයන් පැහැදිලිව ආයතන සංග්‍රහයේ දක්වා තිබෙන බවත් . පිළිගත් ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස් තර්ජනය කර බිය වද්දා රටතුළ රැඳී සිටින වෛද්‍යවරන් රඳවා ගැනීමට උත්සහ කරන්නේ නම් එය සිදුනොවන්නක් බවත් වෛද්‍ය විජේසිංහ අවධාරණය කරයි.
ශ්‍රියානි විජේසිංහ
