gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එල්.පී.එල් ක්‍රිකට් ගාලු පිලට සජබ ලකුණු ආ හැටි!

දේශපාලන කටයුතු මදකට පසෙක දමා මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කාලය කැපකරන බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

මේ දිනවල පැවැත්වෙන එල්.පී.එල් ක්‍රිකට් තරඟාවලියේ ගාලු ක්‍රීඩා කණ්ඩායමේ කළමණාකරන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයායි.

එහි නායකත්වය දසුන් චානක විසින් දරණ අතර කණ්ඩායමේ අයිතිකරු වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නෑයෙකු වන හපුතලේ සජබ සංවිධායක නයන වාසලතිලක මහතායි.

මෙහි සන්නාම තානාපති ලෙස කටයුතු කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වීමද විශේෂත්වයකි.

කණ්ඩායමේ පාට කහ පාට වන අතර මෙහි සියලු දෑ සජබට සම්බන්ධ වීමද කාගේත් කතාබහට ලක්ව ඇතැයි වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka