ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වන ලෙස ආරාධනා කර තිබියදීත් එයට නොපැමිණෙන රාජ්‍ය නිලධාරින් සම්බන්ධ වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියට උපදෙස් දී තිබෙනවා.
මෙම සම්බන්ධීකරණ කමිටු මගින් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දැඩි අවධානයකින් පසුවන බවද අමාත්‍යවරයා කියා සිටියා.
සම්බන්ධීකරණ කමිටු සදහා රාජ්‍ය නිලධාරීන් නොපැමිණි විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම අපහසු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
“පළාත් සභාව හෝ මධ්‍යම රජය මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර සම්බන්ධීකරණ කමිටුවලට යොමුකර අනුමැතිය ලබාගන්න.එතකොට අදාළ කොට්ඨාසවල ග්‍රාමීය කමිටු දැනුවත් කරන්න පුළුවන්.
ඒ කමිටුවලින් ලැබෙන ප්‍රතිචාර අනුව අඩුපාඩු මඟහරවා ගෙන ව්‍යපෘති සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්.ඒ නිසා සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය නැතිව නිළධාරින්ගේ හිතවත්කම්වලට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඉඩදෙන්න බැහැ.එහෙම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලින් ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. එතකොට බැණුම් අහන්නෙ නිළධාරින් නෙමෙයි දේශපාලනඥයින් වන අපියි”යැයිද අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික් ලේකම් පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් කියා සිටියා.
දේශපාලන වාර්තාකරු