gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෝ බල්ලා… වේ+ ගේ කොල්ලා… එළියෙදි තොගෙ ඇ+ තලනවා.. ශිෂ්‍ය නායකයෙකුට කතා කරන පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ පීඨාධිපතිගේ “ශාස්ත්‍රීය” කතාව…(හඬපට සහිතයි)

පේරාදෙණිය විශ්වවවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු ප්‍රනාන්දුට නින්දා සහගත ලෙස බැණ වැදී  ඔහුගේ අවයව තලන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක කරන තර්ජනයක් සහිත හඬ පටයක් ලංකාසර වෙත ලැබී තිබේ.

විශ්විද්‍යාල ආචාර්යවරයෙකුට කිසිසේත් නුසුදුසු වහරකින් මැරයෙක් සේ බැණ වදින ප්‍රභාත් ඒකනායක බැණ වදින්නේ  “ තෝ එළියෙදි හම්බවෙයන්… ඇට දෙක තලාගන්න ද දඟලන්නේ… තෝ කිව්වෙ ගෝඨා පන්නපු විදිහට මාත් පන්නවා කියලා. පුලුවන්නම් පන්නල පෙන්නපන් බල්ලා” ලෙසය.
 
ශිෂ්‍ය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කතා කිරීමට ශාස්ත්‍ර පීඨ සභාපතිවරයාට දුරකතනයෙන් කතා කළ අවස්ථාවේ නින්දා සහගත පහත් ආකාරයෙන් බැණ වැදුණු පීඨාධිපතිවරයා තමන්ට කළ තර්ජනය සම්බන්ධව පේරාදෙණිය පොලිසියේ පැමිණිල්ලක් කළ බව ද මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් ද පරීක්ෂණයක් සිදුකළ යුතු බව දන්වමින් සිසුන් පිරිසක් අද (16) සානාථන මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

බැණ තර්ජනය කිරීම පිළිබඳ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු ප්‍රනාන්දු පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති නමු විශ්වවිද්‍යාල මට්ටමින් කිසිදු පරීක්ෂ ණයක් මෙතෙක් ආරම්භ කර නොමැති  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ටෙරන්ස් මධුජිත් පවසයි.

ශාස්ත්‍ර පීඨාධිපතිගේ ශාස්ත්‍රීය හඬ පටය…


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka