ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සිය සේවය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු සිය සේවා කාලය ලබන ඔක්තෝබර් මස අවසන් කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මිලින්ද මොරගොඩ මහතා 2021 වසරේ ඔක්තෝබර් මස 29 වනදා කොමසාරිස් ධුරය සඳහා පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.
කැබිනට් අමාත්‍ය බලතල සහිතව ඔහු එම ධුරය සඳහා පත් කෙරුණු අතර එලෙස පත්වීමක් ලද පළමු කොමසාරිස්වරයා මිලින්ද මොරගොඩ මහතා වීමත් විශේෂත්වයක්.
ඔහු සිය ධුර කාලයේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඇතුළු දෙපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් නිර්මාණය කරනු ලැබුවා.
මිලින්ද මොරගොඩ මහතා මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටියදී ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙසයි කටයුතු කළේ.