gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගාල්ල බන්ධනාගාරයෙන් මතු වූ මාරාන්තික බැක්ටීරියාවේ අලුත්ම තත්ත්වය මෙන්න

ගාල්ල බන්ධනාගාරයේ මාරාන්තික මෙනින්ගොකොකල් බැක්ටීරියා ආසාදනය පැතිර යාමේ අවදානම මේ වන විට පාලනය කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෝමරත්න කෝනාර පවසයි.

ඔහු සඳහන් කළේ, මෙනින්ගොකොකල් බැක්ටීරියා ව්‍යාප්තිය තවදුරට ත් වර්ධනය වීම පාලනය කිරීමට සෞඛ්‍ය අංශ අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ය.

ගාල්ල, උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අද (අගෝ. 23) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

මේ වන විට එම බැක්ටීරියා ආසාදනයෙන් ගාල්ල බන්ධනාගාරයෙන් රෝගීන් 13 වර්තා වී ඇති බව ත් දෙදෙනෙකු මිය ගිය බව ත් ඔහු සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, බන්ධනාගාරයෙන් පිටත මෙම බැක්ටීරියාව ව්‍යාප්තියක් සිදු වී නොමැති බව ය.

කෙසේ නමුත්, කුෂ්ඨ රෝගයක් සමග හටගන්නා බව කියන මෙම මෙනින්ගොකොකල් බැක්ටීරියාව දරුවන්ට වඩා ත් හානිකර යැයි ද මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය දුර්වල වූ පුද්ගලයන්ට ද මාරාන්තික යැයි ද වෛද්‍යවරු පවසති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka