gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීට එරෙහි නඩු විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි!

තමන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයකු ඉවත් වන බව දැනුම් දී ඇතැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඊයේ (31) ප්‍රකාශ කළේය. 
එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී  සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා දැනුම් දුන්නේ, මෙම පෙත්සම විභාග කිරීම සහ පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල මහතා මෙම නඩු කටයුත්තෙන් ඉවත්වන බව දැනුම් දී ඇති බවය.

ඒ අනුව අදාළ පුරප්පාඩුව සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නම් කරන බවත් සභාපති විනිසුරුවරයා නිවේදනය කළේය.

ඒ අනුව අදාළ පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න, සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, ධම්මික ගනේපොල සහ ඩී. එන්. සමරකෝන් යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඔක්තෝබර් මස 16, 17, 18 සහ 20 යන දිනවල විභාගයට ගැනීම සඳහා දින නියම කෙරිණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්  එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී මිනීමැරීම ඇතුළු චෝදනා යටතේ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළේය.

එම සිතාසිය නීති විරෝධී යැයි තීන්දු කොට අදාළ පුද්ගලික පැමිණිල්ල බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් වන ලෙසත් මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(අදදෙරණ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka