gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශීය මිල අඩු නොකළොත් කුකුළු මස් රටින් ගෙන්වන්න ජනපතිගෙන් උපදෙස්!

කුකුළු මස් කිලෝවක දේශීය මිල අඩු නොකළහොත් කුකුළු මස් ආනයනය කිරීමට සිදු වන බව ජීවන වියදම් කමිටු රැස්වීමේ දී තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ජීවන වියදම් කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගත් බව පවසන අමාත්‍යවරයා සඳහන් කළේ, ජනතාවට සහන මිලට කුකුළු මස් සහ බිත්තර ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

මේ අතර කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නැංවීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ රැස්වීමේ දී උපදෙස් දී ඇති අතර ජනතාවට ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් කුකුල් මස් ආනයනය කිරීමටත් උපදෙස් දුන් බවයි ඔහු කියා සිටින්නේ.

මින් පෙර වෙළෙඳපොළ තුළ රුපියල් 450ක් වැනි සිල්ලර මිලකට තිබූ කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1,450කට අධික මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එවන් තත්ත්වයක් මත දේශීය වෙළෙඳපොළේ මිල අඩු කිරීමේ අරමුණින් නිෂ්පාදන අවශ්‍යතා සඳහා කුකුළු මස් ආනයනය කරන ලෙස ජනාධිපතිවරයා විශේෂයෙන් උපදෙස් දුන් බවයි වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“මූලික පියවරක් ලෙස අපි කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නා රජයේ තීරණය පිළිබඳව දේශීය කුකුල් මස් නිෂ්පාදකයන් දැනුවත් කර කුකුල් මස් මිල අඩු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස” යනුවෙන් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කිය සිටියේ, ඒ සම්බන්ධයෙන් වන තීරණය ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර බිත්තර ආනයනය සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, “බිත්තර ආනයනය කිරීමට තීරණය කිරීමෙන් පසු පසුගිය මාස කිහිපය තුළ අමාත්‍යාංශයට බිත්තර ආනයනය කිරීමට නොහැකි වුණා. නමුත් අපි කැබිනට් අනුකමිටුවක් හරහා බිත්තර ආනයනය කිරීම පිළිබඳව සාකච්ඡා කිහිපයක් ම කළා. ඒ අනුව ආනයනික බිත්තර සතොස සහ ඒ ආශ්‍රිත අනෙකුත් අලෙවිසැල් හරහා බෙදා හැරීමට පසුගිය සතියේ තීරණයක් ගත්තා. එබැවින් දැනට පවතින බිත්තර බෙදා හැරීම ඉදිරි සති දෙක තුළ පැවතියහොත් දේශීය බිත්තර මිල පහත වැටෙනු ඇතැයි අපි විශ්වාස කරනවා," යනුවෙන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka