ගාල්ල බන්ධනාගාරය තුල පැතිර යන දුර්ලබ ගණයේ බැක්ටීරියාවක්වන Meningococcal නැමැති බැක්ටිරියාව හේතුවෙන් රැදවියන් දෙදෙනෙකු මේ වන විට මිය ගොස් ඇති අතර තවත් රැදවියන් 4දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රතිකාර ලබන රැදවියන් දෙදෙනෙකුට මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව තහවුර කර ගෙන ඇති නමුත් අනෙක් රැඳවියන් දෙදෙනා පිලිබදව තවදුරටත් පරික්ෂණ සිදුකරන බව කළ විමසුමකදි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේය.
සාමාන්‍යයෙන් බාහිර පරිසරයේ දැකිය නොහැකි මෙම බැක්ටීරියාව ආවරණ ස්ථායන් තුළ කලාතුරකින් දක්නට ලැබෙන්නක් බවද හෙතෙමෙ පැවසුවේය.
මස්පිඩු වේදනාව, වමනය හා මළපහ බුරුලට පිටවීම මෙහි රෝග ලක්ෂණ වන අතර ශ්වසන මාර්ගයෙන් බෝවන මෙම රෝගය Meningococcal septicaemia නමින් හඳුන්වන බවද හෙතෙම පැවසුවේය.
මේ වන විට බන්ධනාගාරය තුළ රෝගය පැතිර යාම වැලැක්වීම සදහා රැඳවියන් සියලුම දෙනාට Ciprofloxacin නැමැති ඖෂධය ලබා දීමට කටයුතු කළ බවද හෙතෙම පැවසුවේය.
මීට වසර කීපයක ට පෙර මෙම රෝගය මහර බන්ධනාගාරය තුළද පැතිර ගොස් ඇති අතර Ciprofloxacin නැමැති ඖෂධයම ලබා දී රෝගය පාලන කල බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රියානි විජේසිංහ

ලංකාසර