අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවන්නේ කුමක්දැයි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමන්ද නොදන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
තමන්ද නොදන්නා බොහොමයක් දේවල් දැන් පක්ෂය තුළ සිදුවෙමින් ඇති බවද පවසන ඔහු ඔ්නෑවට වඩා ක්‍රියාකාරී වුණාම සමහර ප්‍රශ්න ඇතිවන බවත් කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට අද වෙලා ඇත්තේ ඒ දෙය බව තමන් විශ්වාස කරන බව ද හෙතෙම පැවසීය.
‘කීප දෙනෙකු උත්සහ කරනවා මම ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කරලා ඔවුන්ට ඕනේ තැනට පක්ෂය තල්ලු කරන්න. ඔවුන්ට ඕනේ තැනට පක්ෂය තල්ලු කරන්න තිබෙන බාධාව මම නම් මාව ඉවත් කරන එක තමයි ඔවුන්ගේ පළමු කාර්ය වී තියෙන්නෙ. කොහොම වුණත් මේ තත්ත්වය තුළ පක්ෂයේ බහුතරය නිවැරදි මතයක ඉඳලා තීන්දු තීරණ ගනියි කියල මම විශ්වාස කරනවා’