gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘චැනල් අයි -ලයිකා’ ගිවිසුම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි… අලිරාජා අමාරුවේ!

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA)  වෙත ලබා දීමට රුපවාහිනීයේ වත්මන් සභාපතිවරයා විසින් ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබුන බව පැවසේ.

එම තත්ත්වය යටතේ, එම ගිවිසුම සඳහා ආවරණ අනුමැතියක් ලබාගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රීකාවක් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් අද (14 සඳුදා) උදැසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය විසින් එම කැබිනට් පත්‍රීකාව තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.

කිසිඳු පාරදෘශ්‍ය භාවයකින් තොරව සිදුකළ මෙම ක්‍රියාමාර්ගය අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකුගේම දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇතැයි ද පැවසේ.

‘චැනල් අයි’ නාලිකාව දිගින් දිගටම පාඩු ලබන බැවින් පුද්ගලික ආයෝජකයෙකුට බදු පදනම මත පැවරීමට හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර තිබිණ.

ඒ අනුව 2023 පෙබරවාරි 03 දා ඊට අදාල ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයක් පළකර තිබු අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 17 දින අවසන්විය.

නියමිත දිනට ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරමින් යෝජනා ඉදිරිපත් කර තිබුනේ මෙරට ප්‍රකට සන්නිවේදන ආයතන 2ක් පමණි.

කෙසේවුවද එම ආයතන දෙකට හෝ දැනුම්දීමකින් තොරව ‘ලයිකා ‘ සමාගම වෙත ‘චැනල් අයි’ නාලිකාව පැවරීමට ජනමාධ්‍ය ඇමතිවරයා විසින් අලුතින් පත්කළ සභාපතිවරයා පසුගියදා කටයුතු කර තිබිණ.

– Repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka