gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල සල්ලි හොයපු හැටි හොයන්න පරීක්ෂණ ඇරඹෙයි!

ආන්දෝලනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයකු වූ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල වත්කම් උපයා ගත් ආකාරය ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත මෙම විමර්ශන භාරදුන් බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සති අග අරුණට පැවැසීය.

මුදල් උපයාගත් ආකාරය හා ඔහුගේ ව්‍යාපාර සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බවද හෙතෙම පැවැසීය.

රාජාංගණයේ පැවැති සංගීත සංදර්ශනයකදී රාජාංගණය පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කරමින් මරණ තර්ජනය කළ බවට අවුරා ලංකා සමාගමේ සභාපතිවරයාට චෝදනා එල්ලවීමෙන් පසු ඔහු අධිකරණයටද භාර විය.

ඉන්පසුව නීති විරෝධී ආකාරයට මොහු විසින් මුදල් උපයා ගත් බවටත් කෝමාරිකා වගා ව්‍යාපෘතියේ මුවාවෙන් නීති විරෝධී ක්‍රියාවල නිරත වූ බවටත් සමාජ මාධ්‍ය මගින් දිගින් දිගටම චෝදනා එල්ල විය. මේ අනුව පොලිස්පතිවරයාට ලද නියෝගයක් මත වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ මෙම විමර්ශනය ආරම්භ වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka