gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් කෝටි 640ක X- Press Pearl නැව් ගින්නේ වන්දිය කොල්ලකා ඇති බව තව දුරටත් තහවුරුයි

කොළඹ වරාය ආසන්නයේදී ගින්නෙන් විනාශයට පත් වූ X- Press Pearl නෞඛාවෙන් පරිසරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් ඩොලර් කෝටි 640කට අධික වන්දි මෙරටට ලබාගැනීම වලක්වමින් ජාත්‍යන්තර වශයෙන් මහාපරිමාණ කොල්ලයක් සිදුවන බව තවදුරටත් තහවුරු වේ.

එම වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක නඩු පවරා ඇති අතර අදාල නෞඛාවේ රක්ෂණ සමාගම සහ නීතීපති ඇතුළු මෙරට නියෝජිතයන් බේරුම්කරණ සාකච්ඡාවකට එළඹී ඇති බව අනාවරණය වේ.

මේ සඳහා නීතිපති සහ 09 දෙනෙකුගෙන් යුත් පිරිසක් පසුගිය 18 සහ 19 දෙදින තුළදී සිංගප්පූරුවට ගොස් සාකච්ඡා පවත්වා ඇත. මෙහිදී ශ්‍රී ලංකා රජය අදාල රක්ෂණ සමාගමෙන් කරනලද ඉල්ලීමට අනුව මෙම සාකච්ඡා සිදුක ර ඇති බව ජනාධිපති කාර්යාලය තහවුරු කර තිබේ.

මෙම හානි පූර්ණය කිරීමේ වන්දි නඩු, මෙරට අධිකරණයක් තුළ පැවරිය යුතු බව බොහෝ පිරිසක් අවධාරණය කර තිබියදී අවසන් මොහොතේ සංගප්පූරුවේ වාණිජ අධිකරණයේ නඩු පැවරිනි. ඒ අතරතුරු ඩොලර් මිලියන 250ක කප්පම් ලබාගනිමින් ලංකාවට ලැබිය යතු මෙම වන්දි මුදල් අයකරගැනීම නොකර සිටීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී හෙළි කර තිබිණි.

ලංකාවේ පරිසරයට එම ගින්නෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් ඩොලර් කෝටි 640ක වන්දියක් තක්සේරු කර තිබුණු අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාදීමට පොරොන්දුවී සිටින ඩොලර් කෝටි 290ක ණය මුදල මෙන් 240% ඉක්මවන වන්දි මුදලක්ය. මේ වනවිට එම වන්දි මුදල කිසිසේත් ලබාගත නොහැකි තත්වයකට කරුණු පෙළගැසෙමින් පවතී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka