අඟුරුවාතොට තරුණ මව සහ සිඟිති දියණියගේ ඝාතන සැකකරු අත් අඩංගුවට!
අඟුරුවාතොට තරුණ මව සහ සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (22) උදේ අත්අඩංගුවට ගැනිමට අගුරුවාතොට පොලිසිය සමත්ව ඇත.
අගුරුවාතොට වරකාගොඩ ප්‍රදේශයේ පදිංචි හමුදාවෙන් පලාගොස් සිටි, මිය ගිය තරුණ මවගේ සැමියාගේ මස්සිනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා මොහොතේ කතුරකින් උදරයට ඇන ගැනීමට උත්සාහ කර ඇති බවත් එයින් තුවාල සිදුව ඇති බවත් සදහන් වේ. මේ වනවිට ඔහුව කළුතර රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .
අගුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වති.
අඟුරුවාතොට තරුණ මව සහ සිඟිති දියණියගේ ඝාතන සැකකරු අත් අඩංගුවට!
2023-07-22T09:29:00+05:30
Lanka Hot News





