gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

OIC ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන කළ කෝටිපති තාඹුගල අත් අඩංගුවට නොගෙන බාර වෙන්න ඇරිය පොලිසිය විවෘත අධිකරණයේ දී විනිසුරුගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගනී!

රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්.ගජසිංහට රාජාංගනය යාය 18 ප්‍රදේශයේ සංගීත ප්‍රසංග මාලාව පැවැති භුමියේ රැස්ව සිටි විශාල පිරිසක් ඉදිරියේ බැන මරණීය තර්ජනය කොට ඔහුගේ රාජකාරියට බාධා කළ බව කියන  සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (111) අමිල සෙනෙවිරත්න ඇතුලු රාජාංගනය පොලීසියේ නිලධාරින් අද  (26) නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ අවස්ථාවේ නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වූ අවුරා ලංකා සමාගම් සමූහයේ සභාපති හා කෝටිපති ව්‍යාපාරික නන්දික විරංජිත් තාඹුගල නැමැත්තා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් නාලක බංඩාර ඉලංගරත්න   නියෝග කොට ඇත.

එම අවස්ථාවේ පොලීසිය පසුපසින් පැමිණ ඇති  සැකකරු  අත් අඩංගුවට නොගෙන  නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට දෝෂාරෝපණය කොට තිබේ.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පොලීසිය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් විමසූ අවස්ථාවේ පොලිසිය කිසිවක් නොපවසා නිහඩව  සිට ඇත.

මේ අතර නන්දික විරංජිත් තාඹුගල නැමැත්තා අත් අඩංගුවට නොගෙන ඔහුට නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාරවීමට පොලීසිය විසින් ලබා දී තිබූ වරප්‍රසාදය සාමාන්‍ය පුද්ගලයන්ට නැත්තේ ඇයි දැයි විනිසුරුවරයා මෙහිදී පොලීසියෙන් ප්‍රශ්න කොට ඇත.

මේ අතර මින් මතු පොලිස් නිලධාරීන් පමණක් නොව  කිසිදු රාජ්‍ය නිලධාරියෙකු වෙත  තම බලය අනීතික ලෙස  පාවිච්චි කොට තර්ජනය කර ඇති බවට අධිකරණයට වාර්තා වුවහොත් තරාතිරම නොබලා බන්ධනාගාර ගත කිරීමට කටයුතු  කරන බවද මහේස්ත්‍රාත්වරයා සැකකරුට දැඩි ලෙස අවවාද කරමින් පවසා තිබේ.
 
අනතුරුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කොට ඇත.

නැවත නඩුව ලබන නොවැම්බර් මස 23 වෙනිදාට කල් තැබූ විනිසුරු නාලක බංඩාර ඉලංගරත්න මහතා එදිනට සැකකරුට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කොට ඇත.

ලංකාසර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka