ක්‍රිකට් ආයතනයේ මුදල් රජයේ මුදල් නොවේ... ක්‍රිකට් ආයතනයේ පෞද්ගලික ආයතනයක් සේ සැලකිය යුතුයි - සභාපති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් රජයේ මුදල් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.
ක‍්‍රිකට් ආයතනයේ මුදල් පෞද්ගලික ආයතනයට එහි අන්තර්ජාතික මවු සමාගමෙන් ද ලැබෙන මුදල් සේ සැලකිය යුතු බවත් හෙතෙම පැවසීය.
ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ දී ඩොලර් මිලියන 35 ක් ඉක්මවූ මූල්‍ය ලාභයක් ලබාගෙන ඇති බවත් එය නවසීලන්ත ක්‍රිකට් ආයතනය වත්මන් මූල්‍ය තත්වයට වඩා ස්ථාවර තත්ත්වයක් බවත් හෙතෙම සදහන් කරයි.
කෝප් කමිටුවට ක්‍රිකට් ආයතනය යන්නේ විගණාකාධිපති විසින් විගණනය කරන නිසා බවත් නමුත් සියලු දෙනා සිතන්නට සිතාගෙන සිටින්නේ ක්‍රිකට් ආයතනයේ මහජනතාවගේ මුදල් ලෙස බවද වුවත් අයතනයේ ඇති මුදල් අයිති ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ට බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
ක්රිකට් ආයතනයේ මුදල් රජයේ මුදල් නොවේ... ක්‍රිකට් ආයතනයේ පෞද්ගලික ආයතනයක් සේ සැලකිය යුතුයි - සභාපති
2023-07-26T14:45:00+05:30
Gossip Lanka Hot News






