gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බ්‍රිතාන්‍ය ලෝක ප්‍රකට රක්ෂණ සමාගමකින් මෙරටට ලැබෙන්න යන කෝටි 4100ක් වළකන්න යටිඋගුල්!

බ්‍රිතාන්‍යයේ ලෝක ප්‍රසිද්ධ රක්ෂණ සමාගමකින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත රුපියල් කෝටි 4,100ක සහන මුදල වැළැක්වීමට මහා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් පිරිසක් උත්සාහ දරන බවට ශ්‍රී ලංකා සුළු සහ මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසාය සංගමය චෝදනා කරයි.  
 
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ අභිවෘද්ධිය සඳහා බ්‍රිතාන්‍ය සමාගම දෙමුහුන් සහන මුදලක් ලෙස මෙය ලබාදීමට නියමිත අතර, ජනාධිපති කාර්යාලය මැදිහත් වී එය ලබාගතහොත්, රටේ සංචාරක කර්මාන්තයට ඉන් ප්‍රතිලාභ රැසක් හිමි වන බව ද ශ්‍රී ලංකා සුළු සහ මාධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසාය සංගමයේ සභාපති බෙනට් ජයරත්න මහතා පැවැසීය.

කුඩා හා මාධ්‍ය පරිමාණ සංචාරක  ව්‍යවසායකයන් කඩා වට්ටවා, ඉන් ව්‍යාපාර වාසි ලබාගැනීමට මහා පරිමාණ සංචාරක ව්‍යවසායකයන් එම සහන මුදල ලංකාවට ලැබීම වළකාලන බව ද ජයරත්න මහතා කීය. 
 
මෙම මුදල ශ්‍රී ලංකා රජයට ලැබෙන අතර, එය ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අරමුදලක් ලෙස තැන්පත් කර, සුළු සහ මධ්‍ය පරිමාණ  සංචාරක ව්‍යපාර නැංවීමටත්, ඔවුන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමටත් උපකාරි කරගත හැකි බව ද ඔහු කීය. 
 
මේ අතර, මෙම රුපියල් කෝටි 4,100ක ණය මුදලින් සුළු සහ මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ට සියයට හයේ අඩු පොලියකට ණය ලබාගත හැකි වීම තවත් වාසියක් බව ද අනුරාධපුර හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් ප්‍රීති ද සිල්වා මහතා පැවැසීය.ලංකාවට පැමිණෙන සංචාරකයන්ට
 
මෙමගින් රක්ෂණාවරණයක් හිමි වන නිසා, එය ඔවුන්ගේ ආරක්ෂාවට වැදගත් වන බවද ප්‍රීති ද සිල්වා මහතා කීය. සංචාරකයන් ගෙවන රක්ෂණය  හරහා වසර 5ක කාල සීමාවකදී මෙම මුදල ක්‍රමානුකූලව හිලව් වන නිසා, රජයට මෙම ණය  මුදල ආපසු පියවීමට සිදු නොවන බව ද ඔහු පැවැසීය.
 
රංජන් කස්තුරි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka