කිසියම් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල්ගතවන සෑම අයෙකුම සුව නොවන බවත්, රෝහල් ඉදිරියේ මල් ශාලා තිබෙන්නේ ඒ යතාර්ථය නිසා බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.
අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධව දැඩි විරෝධයක් සමාජයෙන් එල්ල විය.
තමන් සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධව, සෞඛ්‍ය අමාත්‍යවරයා රටේ සියළු පුරවැසියන්ගෙන් සමාව අයැද සිටියි.
තමන් සිය කතාව කරමින් සිටිය දී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මල්ශාලා පිළිබදව සිහිකළ බවත්, ඒ සමග, තමන් ඒ කරුණ සිය කතාවට ඇතුළත් කර ගත් බව අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත්, එය නොකළ යුතු ප්‍රකාශයක් බව තමන් පිළිගන්නා බව හිරු සලකුණට එක් වෙමින් අමාත්‍යවරයා පැවසී ය.