සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන සමඟි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙලෙස ගෙනඑන විශ්වාසභංගයේ ප්‍රධාන කරුණු වන්නේ වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණුයි.
බාල සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සහ භාවිතය හේතුවෙන් පසුගිය දින කිහිපයේ දී රෝහල් පද්ධතිය තුළ මරන්න ගණනක් සිදු වුණා.
මේ සම්බන්ධව සමඟි ජන බලවේගය දිගින් දිගටම දැනුවත් කළ ද ඒ පිළිබඳව රජය තැකීමක් නොකර හදිසි අවස්ථාවක් ලෙස සලකා ප්‍රසම්පාදන හා ලියාපදිංචි ක්‍රියාවලියෙන් බැහැරව එම ඖෂධ ගෙන්වීම සිදු වූ අතර ඉන් මෙරට ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවක ජීවිත අහිමි වීම් සිදුවූ බවද එම පක්ෂය සඳහන් කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබේ නම් විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ලෙසයි.
ජාලිය යටගම